අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද?

Share post:

පොහොට්ටුවේ අමරකීර්ති අතුකෝරල එදා කොළඹ එන්න ඇත්තේ ෂොපින් යන්න වෙන්න බැහැනේ. එදා එයා එන්නේ අරලිය ගහ මන්දිරයේ තිබ්බ රැස්වීමට කියල හැමෝම දන්නවා. ඒ රැස්වීම එක්ක එයාල තීරණය කරනවා ගෝල්ෆේස් එකේ අරගලයට පහර දෙන්න. හෝ ඒක අවසානයේ ගෝල්ෆේස් එකට ගහනවා. පන්න පන්න ගහනවා. ගිණි තියනවා.
එයාලට ඕනි උනේ හොඳින් හරි නරකින් හරි ගෝල්ෆේස් සුද්ද කරලා ඉවරකරන්න. සමහරු පෝස්ට් දාලම ආව අපි එන්නේ සුද්දකරන්න කියල. ඒ ආව වගේම සල් වෙන්න ගහනවා. ඒක දේශපාලන තීරණයක්. දේශපාලන වැඩක්.
මිනිස්සු ‘ප්‍රතිචාර’ දක්වන්න ගන්නේ මෙතනින් පස්සේ. එදා හවස වෙනකොට රට ගිණි ජාලාවක් වෙනවා. ගෝඨාභයට රට දාල යන්න වෙනවා. එතනත් තියෙන්නේ දේශපාලනය.
ලංකාව දෙකට බෙදිලා තිබ්බේ කියල ගත්තොත් මිනිස්සු විශාල වශයෙන් හිටියේ අරගලය පැත්තේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය එක්ක ඔප්පු උනේ. මිනිස්සු හිටියේ ඒ වෙලාවේ ගෝඨාභයගේ ආණ්ඩුව පැත්තේ නෙවෙයි. පොඩි පිරිසක් ඒ පැත්තට ඉන්න ඇති. හැබැයි ලංකාව හිටියේ ඒ ආණ්ඩුව යන්න ඕනි කියන තැන. ඒ ආණ්ඩුව විතරක් නෙවෙයි සමස්ත පාලනයම එපා කියන තැනක සහ සිස්ටම් චේන්ජ් එකක් ඕනි කියන තැනක. ඒ කියන්නේ ගෝල්ෆේස් පැත්තේ.
අන්න ඒ ගෝල්ෆේස් එකට තමයි පොහොට්ටුවේ සනත් නිශාන්තල ගහන්නේ. ඒ කියන්නේ අතුකෝරල ඇතුළු පිරිස නියෝජනය කරන්නේ මිනිස්සු හිටපු ගෝල්ෆේස් අරගලය පැත්ත නෙවෙයි. ඊට එරෙහි පැත්ත. අද ෆේස්බුක් එකේ අර අතුකෝරල මරණයට වගකිවයුතු යැයි කියන පිරිසට ‘දඬුවම්’ ලැබුනම ආතල් ගන්නේ මේ ගෝල්ෆේස් එකට එරෙහිව හිටපු පිරිසක්.
‘මිනිස්සුන්ගේ අරගලයට ගැහුවා’ කියන අදහස තමයි එතන තිබ්බේ. ඒකට සහයෝගය දෙන්න ආපු හැමෝටම වගේ ආපහු ගමරට බලා යන්නේ වුනේ මිනිස්සුන්ගේ ‘දේශපාලන ප්‍රතිචාර’ (political reactions) විඳගෙන. ලැජ්ජා කිරීමේ ඉඳල අඩන්තේට්ටම් දක්වා විශාල පරාසයක ඒ ‘ප්‍රතිචාර’ තිබ්බ.
අතුකෝරල කියන කෙනාට එසේ ලැබුන ‘ප්‍රතිචාර’ එක්ක ආපසු යන්න ලැබුණේ නැහැ. වෙනස එච්චරයි. මම හිතන්නේ නැහැ ඔහු ආපසු යන්න හිතාන ආව කියලත්. සටනේ ස්වරූපය ගැන හිතෙන කොට.
මම හිටියෙත් අරගලය පැත්තේ. අරගලයට ගැහුවම අපිටත් ඒක දැනුන. මකල නැත්නම් හැමෝගෙම ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න. එතකොට තමන් හිටිය තැන මතක් වෙයි.
ඔය හැමෝටම ආයිත් නටන්න අවස්ථාව හදල දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒකත් අමතක කරන්න හොඳ නෑ. ඔහු තීරණාත්මක තැනකදී අරගලයට එරෙහි වෙනවා.
දැන් ගොඩක් අය පෝස්ට් ෂෙයා කරන්නේ මැරිලා ඉපදිල වගේ.

මහේෂ් හපුගොඩ

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...