අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

Share post:

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල විසින් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනැමීම සහ මධ්‍යම පරිසර අධිකාරිය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඊට අවසර ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මාධ්‍යමගින් කරනු ලැබූ අනාවරණවලින් පසු එම කොමිසමට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාවේ නුමැතිය ලැබීමෙන් පසුවය.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ කොමිසම, අම්බුළුවාව වෙත ගොස් කේබල් කාර් ව්‍යාපෘතියට අදාල ‍ලේඛන කිහිපයක් ඔවුන්ගේ බාරයට ගත් බව අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කේබල් කාර් ව්‍යාපෘතියට අදාලව අනුමැතිය ලබාදීමට ඉල්ලීම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබී ඇත්තේ 2023 අගෝස්තු 10 වැනිදා බව ද, 2023 නොවරම්බර් මාසයේදී ඒ අනුව අනුමැතිය ලබාදී ඇති බව ද, ඒ අතරතුරදී මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පලාත් කාර්යාලය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව ද, අඩුතරමේ පනත මගින් අනිවාර්ය කර ඇති පුවත්පත් දැන්වීම් පල කිරීම සහ ගැසට් නිවේදන පල කිරීමවත් කර නැති බව ද පැමිණිලි පාර්ශ්වය සඳහන් කරයි. එසේම වඳවීමේ තර්ජනයට ලක්වූ සිටින සත්ත්ව සහ ශාඛ විශේෂ 58ක් අම්බුළුවාව කඳුවැටියෙන් සොයාගෙන තිබුණද පාරිසරික අනුමැතිය ලාබදීමේ ක්‍රියාවලියට වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නැති බව ද, වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ද පරිසර අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇති බව ද, අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියට ඇතැම් ආයතනවලින් සම්බන්ධ වූ නිලධාරීන් විෂය ගැන දැනුම්වක් නැති අය බව ද පැමිණිලි පාර්ශ්වය අවධාරණය කර තිබේ.

එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුව තම 2024 වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ අම්බුළුවාව බාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ සමාගම ලියාපදිංචි කර ඇත්තේ එලෙස කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනැමීම සඳහා බාරකාර මණ්ඩලය තීන්දු කර දින 06කට පසු බවයි. එම පෞද්ගලික සමාගමේ අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සාමාජිකයකු හා අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සභාපතිගේ බිරිඳගේ පියා ද සිටින බවත්, එම පෞද්ගලික සමාගමේ කොටස් හිමියන් ලැයිස්තුවේ පෞද්ගලික සමාගම් දෙකක් තිබෙන බවත්, එම එක් පෞද්ලික සමාගමක සිටින්නේ අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සභාපතිගේ බිරිඳ සහ ඇගේ පවුලේ අය බවත්, අනිත් පෞද්ගලික සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් ලෙස සිටින්නේ අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරියකගේ සැමියා බවත්, කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධ තීන්දුව ගැනීමට දින කිහිපයකට පෙර බාරකාර මණ්ඩල සභාපති එයින් ඉවත්වී ඔහුගේ බිරිඳ පත් කර ඇති බවත් අල්ලස් කොමිසමට පැමිණිලි කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා සඳහන් කළේය.

එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුව 2024 වසරේදී පෙන්වාදී ඇත්තේ කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා වන වියදමින් අම්බුළුවාව බාරකාර මණ්ඩලයෙන් සියයට 16ක් යොදවන බවයි.

අම්බුළුවාව බාරකාර මණ්ඩලය යනු අල්ලස් පනතේ උපලේඛන ගත ආයතනයක් වන අතර එහි නිලධාරීන් සහ සේවකයන් රාජ්‍ය නිලධාරීන් ලෙස සැලකෙන බව අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ වෛ විවිධත්ව සංකීර්ණය බාර අරමුදල් පනතේ සඳහන් වේ.

මේ අතර පසුගිය 04දා ගම්පොල, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේදී thetime.lk සමග අදහස් දක්වමින් අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පැවසුවේ තමන් සහ කණ්ඩායම කිසිදු වරදක් සිදු කර නැති බවයි.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...