බැසිල්ට ප්‍රභූ ආරක්ෂාව දීම නීති විරෝධීයැයි පැමිණිල්ලක්

Share post:

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් රජයට පාඩුවක් කර ඇතැයි පෙන්වා දෙමින් පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

රජයේ කිසිදු තනතුරක් නොදරන පුද්ගලයෙකු වන බැසිල් රාජපක්ෂ පෙරේදා (නොවැ. 20) කටුනායක ගුවන්තොටුපොළේ සිට ගමන්ගත් මෝටර් රථයට ඉදිරියෙන් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පොලිස් රථවාහන, යතුරුපැදියක් හා පිටුපසින් පොලිස් ජීප් රථයක් ධාවනය කර තිබෙන බව පැමිණිල්ල විසින් පෙන්වාදී ඇත.

මෙම සිදුවීමේදී පොලිස්පතිවරයා රජයට පාඩුවක් සහ නීති විරෝධී ක්‍රියාවක් කර තිබෙන බව පවසන පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධව විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සබැඳි පුවත්

පොලිස් කොමිසමේ සභාපති බැසිල් සමග එළිපිට වැඩ : ඉතිහාසය මෙන්න !

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...