පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයක් : මැතිවරණය මෙම වසර අගදී

Share post:

වයඹදිග පකිස්තානයේ දේශපාලන රැලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි බජාවුර් දිස්ත්‍රික්කයේ ඛාර් නගරයේ පැවැති ජමියට් උලමා-ඊ-ඉස්ලාම් (JUI-F) පක්ෂයේ රැස්වීමක් ඉලක්ක කර ගනිමින් මෙම පිපිරීම සිදු විය.

එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පුපුරණ ද්‍රව්‍ය සිය කබාය තුළ සඟවා ගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු අසුන්ගෙන සිටි වේදිකාවට ආසන්නයට පැමිණ පුපුරවා ගෙන ඇති බවයි.

ප්‍රහාරය පිටුපස ISIL (ISIS) කණ්ඩායම සිටිය හැකි බවට මූලික විමර්ශනවලදී සැක පහල වුවද ඒ සම්බන්ධයෙන් නිලධාරීන් තවමත් පරීක්ෂණ පවත්වමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එහෙත් මේ වනතෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නොමැත.

තුවාල ලැබූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් රැගෙන ගිය බජාවර් සහ යාබද ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව දිස්ත්‍රික් පොලිස් නිලධාරි නසීර් ඛාන් පැවසීය.

බරපතල තුවාල ලැබූවන් බජාවර් සිට පෙෂාවර් පළාතේ අගනුවර පිහිටි රෝහල් වෙත හමුදා හෙලිකොප්ටර් මගින් ගෙනවිත් තිබේ.

“වටේට දූවිලි හා දුමාරයක් තිබුනා, මට නැගිටින්න වුණා. මම හිටියේ තුවාල වෙච්ච මිනිස්සුන්ට යටවෙලා හිටියා, අතපය විසිරිලා තිබ්බා විතරයි”, පිපිරුමෙන් තුවාල ලද වැටුණු 45 හැවිරිදි ඇඩම් ඛාන් මාධ්‍ය වෙත පවසා තිබිණි.

එළැඹෙන ඔක්තොම්බර් හෝ නොවැම්බර් පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉදිරි සති කිහිපය තුළ පාකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට නියමිතය. ‍

එම මැතිවරණය වෙනුවෙන් පැවති දේශපාලන ප්‍රචාරක රැස්වීමකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

කෙසේවෙතත් පසුගිය වසරේ නොවැම්බර් මසදී හදිසි මැතිවරණයක් ඉල්ලා විරෝධතා පාගමනක නිරතව සිටි පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉලක්ක කර ගනිමින් වෙඩි මාලාවක් එල්ල කළහ.

එම වෙඩි ප්‍රහාරයෙන් ඉම්රාන් ඛාන්ගේ පාදයට වෙඩි වැදුණු අතර ආධාරකරුවෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලැබුවේය.

එමෙන්ම පසුගිය 9 වැනිදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණයේ පෙනී සිටීමට පැමිණිය විටදී පැරාමිලිටරි හමුදා,ඔහු අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඛාන් හිතවාදීන් මැයි 9 වැනිදා දීප ව්‍යාප්තව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේය. එතැන් සිට පකිස්තානයේ දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටිණි.

එමෙන්ම පකිස්තානයේ වත්මන් පාලක පක්ෂය ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය ඉලක්ක කර ගනිමින් රජයේ හමුදාව යොදවා දැවැත්න රජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට බවට පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සබැඳි පුවත්

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...