ත්‍රිමූර්ති රශ්මික මණ්ඩාවලගේ පළමු ස්වතන්ත්‍ර නවකතාව

Share post:

ශුක්රාන් කටාර් (සූරිය ප්‍රකාශන) නමින් මැදපෙරදිග ජීවන මතකයන් ලියමින් ලේඛන දිවියට පා තැබූ රශ්මික මණ්ඩාවල 2020 වසරේ ‘මරණයේ රළ නැගුම‘ (විදර්ශන ප්‍රකාශන) යනුවෙන් පරිවර්තනය කරන ලද 2018 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ඔල්ගා තොකර්චුක්ගේ Drive your plow over the bones of the dead කෘතිය හරහා පාඨක සහ විචාරක අවධානය පාත්‍ර විය. ඔහුගේ හංසකුසු කෙටි කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 2021 වසරේ නිව්යෝර්ක් නුවර Creators of Justice නම් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත විණි. මීට අමතරව 2023 වසරේදී ඔහුගේ කෙටිකතාවක් බෙංගාලි බසට පරිවර්තනය වී බංගලාදේශයේ ජාතික පුවත්පතක පළ විය. එමෙන්ම ඔහු විසින් 2021 වසරේදී පරිවර්තනය කළ චීනයට මන්දගාමී බෝට්ටුවකින් (CK Media Publisher) කෙටිකතා සංග්‍රහය එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහයට නිර්දේශ විය. මීට අමතරව ඔහු විසින් 2019 වසරේ නොබෙල් සම්මානලාභී ලේඛක පීටර් හන්ඩ්කගේ A sorrow beyond dreams කෘතිය සකුලු සිහිනයක සමළ සංතාපය ලෙස (Bookrack) 2023 වසරේදී සිංහල බසට පරිවර්තනය කරන ලදී.

ත්‍රිමූර්ති ඔහුගේ පළමු ස්වතන්ත්‍ර නව කතාවයි..

වර්ෂ 1600දී පළමුවන විමලධර්මසූරිය රජතුමා හමුවට ලන්දේසීහු පිරිසක් පැමිණෙති. ඒ පැමිණෙන්නේ පෘතුග්‍රීසීන් පළවා හැරීම සඳහා උපකාර ලබාදීමටය. සෙබාල්ඩ් ඩී වීරෙට් නායකත්වය දැරූ මෙම කණ්ඩායම විමලධර්මසූරිය රජතුමාගේ මාළිගයෙහි මධු සාදයකට එක්වෙයි. එතැනදී රජතුමාගේ දේවිය වන දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවියට ලන්දේසිහූ නොමනා විහිළුවක් කරති. එයින් කිපුණු රජු ඔවුන් 47දෙනාම මරා දමන ලෙස නියෝග කළහ. ඉතිහාසය ලියා ඇත්තේ එසේය. එහෙත් ඉතිහාසයේ නොලියවුණ කතාව නම් එයින් ගැලවී පැනගත් එක් ලන්දේසියෙකු එක්තරා කුඹල් ගම්මානයක සැඟවගත් බවය. ඔහුට දාව ගමේ තරුණියකට දරුවන් පිළිසිඳ ගත්තේය. එයින් බිහිවුණ පරම්පරාවේ අවසන් පුරුක වන චත්‍රිකා නම් රතු කොණ්ඩකාර යුවතිය වර්තමානයේ ඉතිරිව සිටින්නේ මේ කුඹල් ගම්මානයේ රහසිගතවය. ඇයව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පරම්පරා ගණනකට පසුවද ක්‍රියාත්මකය. තම කුළුඳුල් ආත්මීය ආදරයේ වේදනාවෙන් කන්ද උඩ නුවරට පැමිණෙන නිරෝෂන් නම් කෙළිලොල්, ආදරණීය තරුණයා මේ පරම්පරාගත ගැටුමට මැදිවෙයි. එයින් ඔවුන්ගේ ලෝකම මත කුමන බලපෑමක් ඇති කෙරෙයිද? ජීවිතය, ආදරය, ඉතිහාසය, මිත්‍යාව, සොබාදහම යන මේ සියල්ලම ක්ෂුද්‍ර මනුෂ්‍යයන්ට කවර ඉරණමක් ළඟාකර දේවිද?

මඳ සුළඟක් උද්‍යානය හරහා හමා ගියේය. ඒ සුළඟින් සලිත වුණු මල් කිනිත්තක් මගේ උකුලට වැටිණි. මම එය හෙමින් සීරුවේ අතට ගතිමි. මොහොතකට පෙර මේ තුරු හිස රැඳී නැලවෙන්නට ඇති මේ කිනිත්ත දැන් එයින් ගැලවී බිමට වැටෙන අතරේ මගේ ඔඩොක්කුවේ නැවතී හිඳී. මේ වැටීම ගැන මල් කිනිත්ත සතුටු වනවාද? දුක් වනවාද? දුබලව යමක එල්ලී හිඳිනවාට වඩා වැටීම නරක විය හැකිද? එක්වරම එය මගේ සිහියට ආවේය. වැටීම නරක වන්නේ පතුලක් නැති ආගාධයකට වැටුණහොත්ය. එවිට වැටීම අවසන් නොවනු ඇත. අඩුතරමින් මල් කිනිත්තට සාමදානයේ සැතපිය හැකිය. චත්‍රිකාගේ අදහස මට වඩාත් පැහැදිලි ලෙසම දැනුණේ දැන්ය. චත්‍රිකා සොයා මා කිසිදාක හෙල වෙත නොයා යුතු බවද ඇය කියා ඇත්තේ?

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...