ඈන් ෆෑන්ක් යුද්ධයේ,අකාළ මිලින කුසුම

Share post:

මිනිස් ප්‍රේමයේ සදාකාලික ආදරයේ යෞවනිය ,ඈන් ෆෑන්ක් ගේ 94 වන ජන්ම දින සැමරුම.

රුදුරු යුධ උන්මාදය බිලිගත් යොවුන් දැරියක ගේ ගුණ සුවද හා එම සුවඳ ,ලොවට විහිද වූ ගුණයෙන් උසස් මිනිසුන් .

යුද්ධයක දී මුලින්ම විනාශය ට හා අසාධාරණට ලක්වන්නේ, දරුවන්,කාන්තාවන් හා සත්‍ය බව කියැවෙන ප්‍රකට කියමන පසක් කරමින් හිට්ලර් නම් වර්ගවාදී යුධ උන්මත්කයා අතින් මිය ගිය ඒත් යහපත් මිනිසුන් පිරිසක් විසින් නැවත ජීවමාන කළ “යුද්ධයේ සදාකාලික වේදනාබර මතකය”, ඈන් ෆෑන්ක්”!

1944-45අතර කාලය තුළදී මිය ගිය ඒත් තමා විසින් තබන ලද දින සටහන් හා එම සටහන් රැකි උදාරතර යෞවනියක නිසාම ලොවේ‍ මහාත් ආදරයට අනුකම්පාවට හා දයාවට පාත්‍ර වූ යෞවන දැරිය,ඈන් ෆ්‍රෑන්ක් ගේ 94 වන ජන්ම දින සැමරුම ජුනි 12 වැනි දාය.

1929 ජුනි 12 වැනි දා මෙලොව එළිය දුටු ඈන් ෆ්‍රෑන්ක් සිය යොවුන් වියට එළෙඔිමින් සිටියදීම හිට්ලර්ගේ අමානුෂික යුධ සිර කදවුරක් වූ බර්ගන් බෙල්සන් හිදී අවාසනාවන්ත ලෙස ලොව හැර ගියත් උසස් මිනිසුන් පිරිසකගේ ආදරණීය උත්සාහයක් නිසා උට්ටානය වූ ඈන් ෆෑරෑන්ක අද ලොව අදරින් සමරයි.

ඕලන්දයේ වාසය කළ උගත් මෙන්ම වැදගත් පවුලක් වූ ඔටෝ ෆ්‍රෑන්ක් ප්‍රමුඛ ඈන් ෆ්‍රෑන්ක් ගේ පවුල සිය යුදෙව් ජාතිකත්වය නිසාම වර්ගවාදී යුධ උම්මත්තකයා ගේ වෛරයට භාජනය වීමත් ඒ හරහා ඕලන්දයයෙන් යුදෙව් ජාතිකයන් පිටමන් කිරීමත් සමග ඇරඹෙන අතිශය අවාසනාවන්ත කාලයේ දී එම පවුල සමීප කිහිප දෙනෙකු සමග ඕලන්දයේ රහසිගතව නැවතී සිටී.නමුත්පාවාදෙන්නකු නිසා නාසින්ට හසුව,පසුව හිට්ලර් ගේ නාසි යුද කඳවුරු වෙත යවන ලද පසුව එහි දී ඈන් දුක්බරව මරණයට පත් වෙයි. එහෙත් ඈන් ලියූ දිනපොත සියල්ල හෙළිකරමින් මිනිසුන් පිරිසක් වෙතින් යළි නැගිටී.මේ,එලෙස ආ ඈන්ගෙ පවුලේ දුක්බර කතාව හා ඇඟේ මතකයන් පිළිබඳව ලියවුණු විශිෂ්ටතම කෘතින්ය.
(The Diary Of a Young Girl පොත හා Anne Frank Remembered යන පොත් දෙක ඈන් ෆ්‍රෑන්ක් ගැනත් ඇගේ ලිවීම ගැනත් ඇති හොඳම පොත් ලෙස සැලකේ.)

පාවාදෙන්නාගේ ඔත්තුවකට අනුව 1944 අගෝස්තු මස 4 වෙනි දින ඈන් ෆ්‍රෑන්ක් ලා සිටි රහසිගත ඇනක්සියට කඩා වදින නාසි හමුදා, ඈන් ඇතුළු එම පවුල ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඈන් ෆ්‍රෑන්ක් විසින් ලියා තබන ලද ඇගේ දින පොත් බිම වැටී තිබියදී ඒවා ගෙන ගොස් රහසිගතව සඟවා තබා ගනිමින් පසුව ඈන් ගේ දිනපොත් ඇයගේ පියාට දෙමින් එය සුරක්ෂිත කළ එම පවුලේ ලේකම්වරිය වන “
මිප් ගීස්” විසින් ලියන ලද ඈන් ෆ්‍රෑන්ක් පිළිබඳ වූ මතක කතාව හා ඈන් ගේ දිනපොත ඈන් ගේ කදිම දිනපොතයි.

1942 සිට දින පොතක් පරිහරණය කරමින් සිටී ඈන් ෆ්‍රෑන්ක් එක්දහස් නවසිය හතළිස් හතරේ යම් දිනෙක ඕලන්ද ජාතික විද්වතෙක් කරන ලද ප්‍රකාශයක් අනුව යුද්ධයේ දී ලියවෙන යම් තොරතුරු ඉදිරියේ දී මුද්‍රණය කරනවා යන ප්‍රකාශය අනුව තමා ද කෙදිනක හෝ තම අත්දැකීම් ඇතුළත් ව ලියන දින පොතක් ප්‍රකාශයට පත් කරනවා යන අදහසින් තම දින පොත ඈ යලිත් ඉතාමත් හොඳින් ලිවීම ආරම්භ කර ඇත. .

1944 අගොස්තු මස 04 වන දින දක්වා ලියවී ඇති මෙම දිනපොත “මිප් ගීස්”අතින් සුරැකි ව ඇඟේ තාත්තා අතට පත්ව සංස්කරණ කිහිපයක් සහිත ව මිරියම් ප්‍රෙස්ලර්(Mirjam Pressler) අතින් යලි ඉතා හොඳින් සංස්කරණය වී ලියැවුණු ඈන් ගේ දින සටහන් පොත “යෞවනියකගේ දිනපොත”යි.

ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කරන ලද මෙම ලෝකයම අතිමහත් ආදරෙන් වැළද ගත් මෙම කෘති ය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් 2004 වර්ෂයේ දී මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලබන මෙම පොත මේ වන විට ලාංකීය පාඨකයන් ගේ නොමද ආදරයට ලක්ව ඇති කෘතියකි.

ඈන් ෆ්‍රෑන්ක් ගේ අනුවේදනීය කතාව ලෝකය වෙත සැබැවින්ම හෙළිදරව් වන්නේ ඇඟේ මෙම දින සටහන් නිසා වන අතර ලේඛිකාවක් වීමට සිහින මැවූ, යුද්ධය නිසා ජීවිත ය අහිමි වූ ඈන් ගේ පොතක් මුද්‍රණය කිරීමේ ආසාව සඵල කරන්නේ ඇගේ පියා හා ඈන් ෆ්‍රෑන්ක් පදනමයි. එයින් පසු මෙම පොත හරහා ඈන් ෆ්‍රෑන්ක් ලෝකය තුල සදාකාලික ජීවමාන වීමට පටන් ගනියි.

වයස අවුරුදු දා හතරක දී පමණ සිට වයස අවුරුදු දහසයක් දක්වා වන කාලය තුළ තබනු ලැබූ දින සටහන් කෙතරම් නිර්මාණාත්මක හා ආකර්ෂණීය අයුරින් ලියා ද තැබුණේ ද යත් මෙය කියවීමේ දී පැහැදිලි වන අතර යම් මෙලෙස ඇගේ ජීවිතය අවාසනාවන්ත ලෙස නිම නො වූවා නම් ලෝකයට තවත් විශිෂ්ට ලේඛිකාවක් අනිවාර්යයෙන්ම බිහිවන්නට තිබිණි.

මෙම දින පොත කියවීමේ දී පාඨක සිත් සසල වන අතර ඇගේ බලාපොරොත්තු හා අභිමතාර්ථයන් පිළිබදවත් යෞවනියකගේ සිත් තුළ ඇති වන ආදරණීය හැඟීම්‍, සිය පවුල සම්බන්ධ වන හැඟීම් මෙන් ම වඩාත් විවෘත භාවයකින් යුතු ව ලෝකයේ දෙස බැලීමට ඇති ඇගේ කැමැත්ත මැනවින් විදහා පෙන්වයි.ඇය ඉතා නිර්මාණාත්මක වත් විවෘත වත්ත සිය දින පොත් සටහන් තබන අතර ඇගේ නිර්මාණාත්මක පරිකල්පන හැකියාව ද ඉතා උසස් බව එය කියැවීමේ දී වැටහෙයි. ලොව පුරා අති මාහාත් ජනාදරයට මෙම පොත පාත්‍ර වන්නේ ම එම නිසා ය.

ඈන් ෆ්‍රෑන්ක් පවුල නාසීන් අතට අසු වන විට එහි තිබුණු සියලු බඩු භාණ්ඩ නාසීන් රැගෙන ගියද වාසනාවකට ඇගේ මෙම දින සටහන් ඇතුළත් පොත් ඔවුන්ට මඟ හැරෙයි .එහිදී එම පොත් සොයා ගන්නා එම පවුලේ ලේකම්වරිය වන මිප් ගීස් මේවා සුරක්ෂිතව තබා ගනිමින් ඈන් ෆ්‍රෑන්ක් ස්ථිර වශයෙන්ම මිය ගියායැයි තහවුරු වූ පසු මෙම පොත් ඇගේ පියාට ලබා දුන් අතර ,එම හේතු නිසා ම ඇය ද ලෝකයේ මහත් ආදරයට පාත්‍ර විය .

ඈන් ෆ්‍රෑන්ක් ගේ පවුල හා සම්බන්ධ ඉතා සමීප සබඳතා තිබූ මෙම තරුණ ලේකම්වරියට එම අත්දැකීම් අළලා පොතක් ලියන ලෙස බොහෝ දෙනාගෙන් ඉල්ලීම් ලැබී ඇති අතර ඇය ඒ පිළිබඳව දීර්ඝ ලෙස සිතා සිය සැමියා සමඟ සාකච්ඡා කර එම තොරතුරු ඇතුලත් කර ඈන්ගෙ මරණයෙන් වසර පනහකට පමණ පසු ව එම මතක සුවඳ කැටි කර Anne Frank Remembered යන නමින් කෘතියක් පළ කරයි.

දෙවන ලෝක යුද්ධය අවසානව දසක ගණනාවක් ගෙවී ඇතත් ඈන් ෆ්‍රෑන්ක් පිලිබදව හා ඇගේ දින පොත පිළිබඳව මුළු මහත් ලෝකයාම දිනෙනේ වැඩි වැඩියෙන් කතා කරන විට ඇයට මෙම පොත ලිවීමට තවත් උත්තේජනයක් ලැබුණු බව ඇය පවසයි. ඈන්ගේ දිනපොත ඇසුරෙන් කරන ලද කවර හෝ නිර්මාණයක් ලෝකයේ කොහේ හෝ තැනක සෑම දිනකම පාහේ එළි දැක්වීමට හෝ ප්‍රදර්ශනය කිරීමට තරම් ජනප්‍රිය ඇගේ ඒ කතාව ,තමා ගේ කැපවීම හා සුරක්ෂිත තාව මත ඇගේ එම දින පොත සුරැකීම නිසාම ඇති වූවක් නිසා නොවේ ද යන හැඟීම නිසා ම ඇයසිය පොත හරහා අද ඈන් ෆ්‍රෑන්ක් ගේ මතක සුවඳ ලෝකයා සමඟ බෙදා ගනිමින් සිටී.

චූලානන්ද සමරනායක මහතා අතින් පරිවර්තිත ව ‘අහස media works’ ප්‍රකාශනයක් ලෙස වසර 2017 දී ප්‍රථම වරට එළි දැක් වූ “ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ ” පොත ද “යෞවනියකගේ දින පොත” මෙන්ම ජනප්‍රියතාවයෙන් නොඅඩුව ලාංකීය පාඨකයන් අතර ජනප්‍රියව පවතී.

යෞවනියකගේ දිනපොත කියවූ පාඨකයන් හට ඈන් ෆ්‍රෑන්ක් ගැනත් එම පවුල ගැනත් කාලීන යුද තත්ත්වයක් පිළිබඳ වත් ඉතා හොඳ තොරතුරු රැසක් ගෙන එන මෙම පොත යුද්ධයේ ඇති අමිහිරි අවාසනාවන්ත කම පිළිබඳව ද ලොවට හඬ ගා කීමට ඇති ඉතා උසස් විශ්ව සාහිත්‍ය නිර්මාණයකි.
ඈන් ෆ්‍රෑන්ක් සදාකාලික ජීවමාන උණුසුම් චරිතයක් කිරීමට හේතු වුන ඇගේ දින පොත ඉතා ප්‍රවේසමෙන් සුරැකි එම පවුලේ ලේකම්වරිය වූ මිප් ගීස් විසින් ලියන ලද මෙම පොත ද ඈන් ෆ්‍රෑන්ක් පිළිබඳව මෙන්ම ඇගේ ගුණයන් පිළිබඳ ලොවට තවදුරටත් කියන උසස් නින්නාද නීය සාහිත්‍යයමය මියුරු හඩක්මය.

ඈන් ෆ්‍රෑන්ක් ගේ පවුල පිලිබඳවත් එකල ඕලන්දයේ යුද වාතාවරණයත් පිළිබඳව අතිශය වැදගත් මෙන්ම පෙර එළිදරව් නොවූ තොරතුරු ද ඇතුළත් වන මෙම කෘතිය ද ඈන් ෆ්‍රෑන්ක් ගේ ජන්ම දින සමරන අද දින ඇයට ආදරේ කරන ලාංකිකයන් කියවීම වටී.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...