රත්න ශ්‍රී විජේසිංහයන්ට 70 යි,නිර්මාණ දිවියට 50 යි, ‘වස්සානය’ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීම

Share post:

රත්න ශ්‍රී විජේසිංහ කවියා වෙනුවෙන් සිය දියණිය සම්මානී විජේසිංහ ඇතුළු පිරිස ඔහුට 70 විය සපිරෙන අද ජුනි 02 සවස 3.00 සිට පදනම් ආයතනයේදී රත්න ශ්‍රී අඩසිය වසක කාව්‍යමය ලොවක් තුළ සෞන්දර්යාත්මක සැමරුම සංවිධානය කර තිබුනේ එතුමාටත් නොදන්වා වීම විශේෂත්වයකි.

වාහනයකින් බැස රත්න ශ්‍රී විජේසිංහ පදනම් ආයතනයට පැමිණියේ සුපුරුදු බෑගය කරේ දමාගෙන තනිවමය. දෙපස අලංකාර ලෙස සකසා තිබු එතුමන්ගේ කවි, ගී ලියවුනු දැන්වීම් පෙළ අතරින් ප්‍රධාන ශාලාවට පැමිණි මොහොතේ සියලු අසුන් පිරී ගොස් තිබුනේය. විශාල පිරිසක් ශාලාවෙන් පිටත සිට සවන්දුන් අතර පසුව ඉන් පිරිසක් ශාලාව තුල බිම වාඩිවී නැරබුවේ දැඩි කැමැත්තෙනි.
හිතවතුන්, මිත්‍රයන්ගෙන් පිරීගිය ශාලාවේ වේදිකාව මත යුග ගණනාවක කලාකරුවන් ගෙන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද ගායනා කිරීම සිදුවිය.

රත්න ශ්‍රී විජේසිංහගේ ‘වස්සනය’ කාව්‍ය සංග්‍රහය ඉංග්‍රීසියට පරිවර්තනය කර පොතක් ලෙස එළිදැක්වීම සිදුවූ අතර එය පරිවර්තනය කර ඇත්තේ කල්පනා මාලතී ඇම්බ්‍රෝස් කිවිදිය විසිනි. මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් විසින් ආචාර්ය රත්න ශ්‍රී විශේෂතා යනුවෙන් සහ සුමිත්‍රා රාහුබද්ද විසින් ද රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ පිලිබඳ හර බර දේශන පවත්වන ලදී.

ඡායාරුප- රවීන්ද්‍ර පුෂ්පකුමාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...