“එක්සත් ජනපදයට වඩා නම් අපි ආරක්ෂිතයි” – මෙක්සිකෝ ජනාධිපති

Share post:

මේ වෙද්දී ලෝකයේ ප්‍රධාන මාධ්‍ය බොහෝමයක් උණුසුම් කළ සිදුවීමකට අදාළ ඡායාරූප කිහිපයක් තමා මේ පහළ තියෙන්නේ.

සිදුවීම තමා බටහිර මෙක්සිකෝවේ, Guadalajara කියන ප්‍රදේශයේ කුණු දමන බෑග් 45ක් තුළ තිබී මිනිස් සිරුරු කොටස් හමුවීම.

මේ හමුවී තිබෙන සිරුරු කොටස් පසුගිය මැයි 20 සහ 22 අතර කාලයේ දී අතුරුදන් වූ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක සේවය කළ සේවකයින් 07 දෙනෙකුගේ බවට මේ වන විට සැක පළ කරලා තියෙනවා.

ඉතින් මේ සිරුරු කොටස් හරියටම කොයි පුද්ගලයන්ගේ ද යන්න හඳුනා ගැනීම සඳහා ⁣මරණ පරික්ෂකවරුන් උත්සාහ කරමින් ඉන්න බවයි වාර්තා වන්නේ..

මෙක්සිකෝව කියන්නේ පුද්ගල අතුරුදන් වීම අතින් ඉහළින්ම තිබෙන රටක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාර්තා වෙන විදිහට පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් අතුරුදන් වෙලා තිබෙනවා.

2019 වර්ෂයේ දීත් මෙලෙසම මිනිස් සිරුරු කොටස් දැමූ බෑග් 19ක් මෙක්සිකෝවේ Jalisco කියන ප්‍රදේශයෙන් සොයාගෙන තිබූ අතර එය පාතාල කල්ලි සාමාජිකයින්ගේ ගැටුමක් ප්‍රතිඵලයක් විදිහට සැක පළ කරලා තිබුණා.

ලෝකයේ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය, මනුස්ස ඝාතන අතින් ඉහළින්ම තිබෙන උතුරු අමෙරිකානු රට විදිහටත් මෙක්සිකෝව නම් කරන්න පුළුවන්.

කොහොම වුණත් මෙක්සිකෝවේ ජනාධිපතිවරයා නම් කියන්නේ මෙක්සිකෝව, එක්සත් ජනපදයට වඩා නම් ආරක්ෂිතයි කියලයි..

සංජේ රණවක

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...