“එක්සත් ජනපදයට වඩා නම් අපි ආරක්ෂිතයි” – මෙක්සිකෝ ජනාධිපති

Share post:

මේ වෙද්දී ලෝකයේ ප්‍රධාන මාධ්‍ය බොහෝමයක් උණුසුම් කළ සිදුවීමකට අදාළ ඡායාරූප කිහිපයක් තමා මේ පහළ තියෙන්නේ.

සිදුවීම තමා බටහිර මෙක්සිකෝවේ, Guadalajara කියන ප්‍රදේශයේ කුණු දමන බෑග් 45ක් තුළ තිබී මිනිස් සිරුරු කොටස් හමුවීම.

මේ හමුවී තිබෙන සිරුරු කොටස් පසුගිය මැයි 20 සහ 22 අතර කාලයේ දී අතුරුදන් වූ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක සේවය කළ සේවකයින් 07 දෙනෙකුගේ බවට මේ වන විට සැක පළ කරලා තියෙනවා.

ඉතින් මේ සිරුරු කොටස් හරියටම කොයි පුද්ගලයන්ගේ ද යන්න හඳුනා ගැනීම සඳහා ⁣මරණ පරික්ෂකවරුන් උත්සාහ කරමින් ඉන්න බවයි වාර්තා වන්නේ..

මෙක්සිකෝව කියන්නේ පුද්ගල අතුරුදන් වීම අතින් ඉහළින්ම තිබෙන රටක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාර්තා වෙන විදිහට පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් අතුරුදන් වෙලා තිබෙනවා.

2019 වර්ෂයේ දීත් මෙලෙසම මිනිස් සිරුරු කොටස් දැමූ බෑග් 19ක් මෙක්සිකෝවේ Jalisco කියන ප්‍රදේශයෙන් සොයාගෙන තිබූ අතර එය පාතාල කල්ලි සාමාජිකයින්ගේ ගැටුමක් ප්‍රතිඵලයක් විදිහට සැක පළ කරලා තිබුණා.

ලෝකයේ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය, මනුස්ස ඝාතන අතින් ඉහළින්ම තිබෙන උතුරු අමෙරිකානු රට විදිහටත් මෙක්සිකෝව නම් කරන්න පුළුවන්.

කොහොම වුණත් මෙක්සිකෝවේ ජනාධිපතිවරයා නම් කියන්නේ මෙක්සිකෝව, එක්සත් ජනපදයට වඩා නම් ආරක්ෂිතයි කියලයි..

සංජේ රණවක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...