පිට පිට තෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ලෝක ශූරියන්වෙයි

Share post:

සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ලකුණු 19කින් පරාජයට පත් කරමින් විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ (06) සමත් විය.

ඕස්ට්‍රේලියාව කාන්තා විස්සයි20 ලෝක ශූරතාව 6 වතාවක් දිනාගත් අතර මෙවර ඔවුන් ශූරතාවය දිනාගනු ලැබුවේ අඛණ්ඩව තෙවැනි වරටය.

2018 සහ 2020දී පිළිවෙළින් එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව එම ශූරතාවයට හිමිකම් කිවේය.

මින් පෙර ඕස්ට්‍රේලියාව 2010, 2012, 2014 යන වසර වලදීද අඛණ්ඩව තෙවතාවක් ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

2016 දී බටහිර ඉන්දීය කොදෙව් පිල එම ලෝක කුසලානය තමන් සතු කර ගනිද්දී එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවේද ඔස්ට්‍රේලියාව වීම විශේෂත්වයකි.

කේප් ටවුන්හිදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළහ.

එහිදී බෙත් මූනි නොදැවී ලකුණු 74 ක් රැස් කළ අතර ඇෂ්ලි ගාඩ්නර් ලකුණු 29 ක් රැස් කළාය.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිනි ලෝරා වොල්වාට් හුදෙකලා සටනක නිරත වෙමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළාය.

සිව්වැනි කඩුල්ල ලෙස ඇය දැවී යන විට ලකුණු 61ක් රැස් කර තිබුණු අතර ක්ලෝයි ට්‍රයොන් පන්දු 23 කට මුහුණ දෙමින් ලකුණු 25ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඇෂ්ලි ගාඩ්නර්, ජෙස් ජොනසන්, මේගන් ෂට් සහ ඩාර්සි බ්‍රවුන් කඩුල්ල බැගින් දවා ගත්හ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෙත් මූනි නම් කළ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇෂ්ලි ගාඩ්නර් සම්මාන දිනා ගත්තාය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...