පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කරයි

Share post:

දකුණු අප්‍රිකා කාන්තාවන් ඉදිරියේ අවසන් T 20 තරග 5 ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ලෝක කුසලාන ආරම්භක තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කළහ. ඒ ලකුණු 3 කිනි. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 129 කට සීමා විය. නායිකා චමරි අතපත්තු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල අර්ධ ශතකය(පන්දු 68 ට ලකුණු 50) වාර්තා කළාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අනාගතය, විශ්මි ගුණරත්න හතරේ පහර 4 ක් සමග පන්දු 34 කදී ලකුණු 35 කි. දකුණු අප්‍රිකාව ලබාගත්තේ කඩුළු 9 කට ලකුණු 126 කි. ඒ අතරින් ලකුණු 12 ක් අතිරේකය. ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවධානය යොමු කළ යුතු ඒ පිළිබඳවයි. වයිඩ් පන්දු ගණනාවක් යොමු කෙරිණි. ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුළු 03 ක් බිඳහෙළූ අතර ඕෂධී රණසිංහ ලකුණු 20 ට කඩුළු දෙකකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...