T20 කාන්තා ලෝක කුසලානය : පළමු පුහුණු තරගයෙන් ලංකාවට ලකුණු 2ක ජයක්

Share post:

කාන්තා ක්‍රිකට් T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරාජයට පත් කරමින් ලකුණු දෙකක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 149ක් රැස් කළේය.

එහිදී හසිතා සමරවික්‍රම ලකුණු 56 රැස් කල අතර ආබාධයකට ලක්ව ඇයට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

විශ්මි ගුණරත්න පන්දු 34 කට මුහුණ දෙමින් ලකුණු 36ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් අයර්ලන්ත පිලෙහි ගැබී ලෙවිස් ලකුණු 38 ක් රැස් කළේ පන්දු 24 කට මුහුණ දෙමිනි.

එමෙන්ම ආර්ලේන් කෙලී ලකුණු 30 ක් රැස් කළ අතර නායිකා ලෝරා ඩෙලනිට ලබා ගත හැකි වූ පන්දු 23 කදී ලකුණු 21පමණි.

ඇයට දුවන විට දැවී යාමකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ පන්දු 19.5 කදී සියල්ලන් දැවී ලකුණු 147 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ඔෂාධි රණසිංහ, ඉනෝකා රණවීර කඩුලු 03 බැගින් දවා ගත් අතර සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හානි අතර කඩුලු 1 බැගිනි බෙදී ගියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් පිල සමග එළඹෙන 08 වැනිදා කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...