කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අද දකුණු අප්‍රිකාවේදී ඇරඹේ

Share post:

ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය 8 වැනි වරට සංවිධාන කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (10) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වෙයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් තරග වදින අතර ඔස්ට්‍රේලියාව ,  බංග්ලාදේශය ,නවසීලන්තය , දකුණු අප්‍රිකාව,  සහ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

මේ කාණ්ඩ ද්විත්වයේ මුල් ස්ථාන 2 දිනාගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට එක් වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද කේප් ටවුන් නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු  ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව ඇති අර ප්‍රහාරාත්මක පිතිකාරිනියක්වන  චමරි අතපත්තුට එහි නායකත්වය හිමිව ඇත. 

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.

වසර 2009 දී එංගන්තයේ ලන්ඩන්හිදී ඇරඹුණු මංගල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්ත ක්‍රීඩිකාවන් තමන් සතු කරගත් අතර දෙවැනි, තෙවැනි සහ සිව් වැනි ලෝක කුසලාන ජය ඔස්ටේලියානු ක්‍රීඩිකාවන් තමන් සතු කර ගත්තාය. 2016 ලෝක කුසලාන ජය බටහිර ඉන්දීය කොදෙව් පිල හිමිකරගත් අතර යළිත් 2018 සහ 2020 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවිය.

ඒ අනුව පැවති තරගාවලිය 7දී 5 වරක් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව (2010, 2012, 2014, 2018 සහ 2020) සමත්ව තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය

චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනි, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා, සත්‍යා සන්දීපනී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...