විස්සයි 20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද

Share post:

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතය.

පසුගිය 23 වැනිදා ඉන්දියානු පිල සහ ඔස්ට්‍රේලියානු පිල අතර පැවැති ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ලකුණු 05 පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ගත්තේය.

කෙප් ටවුන්හිදී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 6කින් පරාජය කරමින් දකුණු අප්‍රිකාව මේ තරගයට එක් වූ අතර, දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වූ පළමු තරගය ලකුණු 03කින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජයට පත්වුවද ඔවුන් අවසන් තරගය දක්වා පැමිණීම කැපී පෙනිණි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් මුහුණදුන් දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති අතර එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවන් පරදා ලකුණු 65ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

කෙසේවෙතත් පසුගිය 18 වැනිදා පැවැති තරගාවලියේ 15 වැනි තරගය ඔස්ට්‍රේලියානු පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පැවැති අතර එහිදී දකුණු අප්‍රිකාව පරදා පන්දු 21 ක් ඉතිරිව තිබියදී කඩුලු 06 ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිණි.

ඔස්ට්‍රේලියාව අඛණ්ඩව මේ තරගයට පිවිසි 7 වැනි අවස්ථාව මෙය වන අතර ඉන් පෙර අවස්ථා 6න් 5කදී ශූරතාව දිනා ගෙන තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...