වැනේසා ඉතිහාස ගතවෙයි

Share post:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පළමු නායිකාව වන වැනේසා ද සිල්වා ලෝක කුසලාන අවසන් තරගයක තරග තීරක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූවාය.

ඒ වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (29) රාත්‍රී පැවති ඉන්දීය- එංගලන්ත අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස කටයුතු කරමිනි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පලමු පෙළ ක්‍රීඩා කළ වැනේසා ජාත්‍යන්තර තරග 14 සහභාගි වී ඇත.

ඇය එක්දින තරග 13 කදීී සහ ටෙස්ට් තරග 1, කදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

තමන් සහභාගි වුණ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව වන්නේද වැනේසාය.

එමෙන්ම වැනේසා පසුගිය වසරේ පැවති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ද තරග තීරකවරියක ලෙස කටයුතු කළාය.

මේ අතර හිටපු ක්‍රීඩිකාවක වන දේදුණු ද සිල්වා මෙම අවසන් මහා තරගයේ රූපවාහිනී විනිසුරුවරිය ලෙස කටයුතු කළාය.

අයිසීසී ලෝක කුසලාන අවසන් මහා තරගයක දී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු තරග නිලධාරී මණ්ඩලයට එක් වූයේ ද පළමු වතාවද මෙය වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...