රිච්ටර් මාපකයේ අංශක 8.5ක ප්‍රබල භූකම්පනයක් ගැන ෆ්‍රෑන්ක් අනාවැකි පළ කරයි

Share post:

ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ ඉඩ ඇති බවත් එය රිච්ටර් මාපකයේ අංශක 8.5ක පමණ ප්‍රබලත්වයකින් සිදුවනු ඇතැයි තුර්කි – සිරියා භූ කම්පනය පිළිබඳ අනාවැකි පළ කළ ප්‍රකට භූ විද්‍යා පර්යේෂකයෙකු වන නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් (Frank Hoogerbeets) ප්‍රකාශ කර තිබේ.

එලෙස භූ කම්පාවක් ඇතිවීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද ඔහු ටිව්ටර් ඔස්සේ පවසා ඇත.

ෆ්‍රෑන්ක් පසුගියදා මුදා හළ මේ පුරෝකථනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වී තිබේ.

ලෝක සිතියමේ විවිධ කලාප 13ක් රතු පැහැයෙන් සලකුණු කරමින් ෆ්‍රෑන්ක් පෙන්වා දෙන්නේ එම සලකුණුවලට අදාළ රටවල් හෝ කලාප අතුරින් එක් ස්ථානයක් නුදුරු අනාගතයේදී මේ ව්‍යවසනයට මුහුණ පානු ඇති බවයි.

එම කලාපවල දිගු කාලයක සිට නිහඬතාවක් පැතිර ඇති බව ඔහු විසින් නිරීක්ෂණය කොට තිබේ. නිරීක්ෂණ අනුව ඔහු එලෙස අනාවැකි පළකර ඇත.

ෆ්‍රෑන්ක්ගේ ට්විටර් සටහන

මේ අතර පසුගිය 25 වැනිදා ජපානයට සහ පැපුවා නිව්ගිනියාවට පෙරේදා භූ කම්පන දෙකක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේ උතුරුදිගින් පිහිටි හොකායිඩෝ දූපත ආශ්‍රිතව සිදු වූ භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.1ක අගයකින් සටහන් වූ අතර එය සතියක් ඇතුළත එරටින් වාර්තා වූ දෙවැනි භූ කම්පනය ලෙස සැලකේ.

කෙසේ වෙතත් මේ භූ කම්පනය හේතුවෙන් පුද්ගල හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා නොවන අතර, සුනාමි අවදානමක් ද මතු නොවූ බව ජපාන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.

මේ අතර එදිනම රික්ටර් මාපක අංශක 6.2ක ප්‍රබල භූකම්පනයක් පැපුවා නිව්ගිනියා හි කැන්ඩ්‍රියන් ප්‍රදේශයට පසුගිය සෙනසුරාදා බලපා තිබෙන බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ අංශය වාර්තා කර තිබිණි.

මේ අතර තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් අද (25) සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ තුර්කි – සිරියා භූ කම්පනයෙන් සතිදෙකකට පසු තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් අද (25) සිදුව ඇත.

මෙම භූ කම්පනය කිලෝ මීටර් 7 ක් එනම් සැතපුම් 4.34ක ගැඹුරින් භූමි අභ්‍යන්තරයේ හටගෙන ඇති බව කන්දිලි භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වාදී ඇත.

කෙසේවෙතත් තුර්කි ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත්තේ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...