‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

Share post:

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද හුඟද ප්‍රස්තුත කරගෙන හෘදයාංග්‍රාහී තෙත් කළාපයම වාසභූමිය කරගත් ප්‍රකට ජපන් කවියා වන කොබයාෂි ඉසා තරමටම ගැනෙන අන් කවියෙකු නැති තරම්ය. (මෙහිදී අපේ දෙටු කවි ආරියවංශ රණවීරයන්ගේ දෑසද මහත් සේ ව්‍යාප්ත වූවක් බවද පැවසිය යුතුය)

එබැවින් ඉසා පිළිබඳ “කොහොමදැ”යි පවසනු වස් පහත කවි ත්‍රිත්වය වචනාර්ථයෙන් දක්වා සිටිමි.

*Under shady trees
Sharing space with a butterfly
this ,too ,is a karma

සෙවනැති තුරක් අස
සමනලයෙකු හා
වෙසෙනු වුව
කර්මයයි

*I know everything
about the old householder
even his shiver

දැන සිටිමි
පැරණි ගෙහිමියා සතු
සියලු තතු
ඔහුගේ වෙවුලුමද

*Beautiful full moon
nothing extraordinary
to the old scarecrow

අලංකෘත පුරහඳ
වෙසෙස් කිසිවක් නොදකින
මහලු පඹයා
ඉතින් මේ සුනිල මිණි පිළිබඳ

කෙටි කවිය මලක් වැනිය. එය පෙත්තෙන් පෙත්ත දිග හැර බැලිය යුත්තකි. එය ලිහෙන ලිහෙන කල්හි නෙ දිසා වෙත දිවෙයි.
කොබයාෂි ඉසාගේ මෙන් නිවුන්හැල්ලගේ ද කාව්‍ය මඟ අතිශය සුමට, සෞමය තෙත් කළාපය හරහා වැටී තිබෙන බවට සුනිල මිණි උදාහරණ සපයන බව මගේ හැඟීමයි.

ඉතින්

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගේ කෙටි කවි කළඹින් තරමක් ගෙන මම ඔබ අත තබමි.ඒ එමල් රුවෙන් කවරාකාරද, කවර දෙසට සුවඳ විහිදවන්නේ දැයි ඔබටම විනිශ්චය කරගනු පිණිසය.

2 මා මුහුණෙහි
අම්මාගේ මුහුණ
වෙිදනාව කැඳවන
කැඩපත

6 සඳ පහන් රැයෙහි
වැඩි වැඩියෙන්
ඉවුරුවල තෙරපෙන
ගඟදිය

10නාය ගිය පෙදෙස්වල
ආයෙමත්
මල් පිපෙන්නට
පටන් අරගෙන

12 ඔබ නික්ම ⁣යන
ගුවන් යානය
හැම යානයකටම වැඩිය
දෙදරුම් කන හඬ

17සිහිනයෙන්
දකිනවිට පවා
ඔබ ළඟ
මල් සුවඳ

16හෙට
හිමි
ගෙදර එන දවස
කිලිටි ඇඳ ඇතිරිලි
සෝදන
ඇය

32 ටැංකි පතුලේ
රන් වන් මසුන්ගේ
කළු සෙවණැලි

63 රාත්‍රියෙහි
සමීපව ඇසෙයි
දුර ගමන් යන
තවලමක හඬ

43 අසල්වැසි නිවසක
පොකුණ තුළ
ලස්සනට පෙනෙයි
පුරහඳ

53 විභාගය
නිම වූ දා
රැයෙහි
කණමැදිරි
ගණන් කරන
පුංචි දරුවෙක්

ජගත් සී. ජයසිංහ

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...