ඩී. එම්. එස්. ආරියරත්න ලාංකික පරිවර්තන සාහිත්‍යයේ නිහතමානී මහා ප්‍රාමානිකයා

Share post:

පරිවර්තන ප්‍රබන්ධ සාහිත්‍යය උදෙසා පිදෙන හොදම පරිවර්තනය සදහා වූ සම්මානය මෙවර රාජ්‍ය සාහිත්‍යය උළෙලේ දී හිමිකරගත්,ලාංකීය පරිවර්තන සාහිත්‍යය වෙතට විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති රැසක් රැගෙන ආ විශිෂ්ට පරිවර්තකයා ඩී එම් එස් ආරියරත්න .

සුභාවී ප්‍රකාශනයක් ලෙස මුද්‍රිත,විශිෂ්ට රුසියානු ලේඛක ඉවාන් තුර්ගේනව්‍ ගේ විශිෂ්ට ම කෘතියක් වන A Hunter’s Sketches හි අගනා සිංහල පරිවර්තනය වන “දඩයක්කාරයකුගේ සටහන්” කෘතියට මෙවර රාජ්‍ය සාහිත්‍යය උළෙලේ දී හොදම ප්‍රබන්ධ පරිවර්තන සදහා වූ ඇගැයීම හිමි විනි. මේ එලෙස හොදම පරිවර්තන ප්‍රබන්ධ ය සදහා වූ සම්මානය ඔහු හිමිකරගත් දෙවන අවස්ථාවයි.

ඉවාන් සෙර්ගෙයේවිච්‍ තුර්ගේනෙව්‍ ,පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය වර්ණවත් කළ මහා ලේඛකයෙකි. මෙම පරිවර්තිත දඩයක්කාරයෙකුගේ සටහන් කෘතිය ලිවීමත් ඉන් පසු ලියන ලද ඉතා අගනා කෘති රැස තුළිනුත් ඔහු රුසියානු මහා සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ විශිෂ්ට නවකතාකරුවෙකු ලෙස සනිටුවහන්ව ඇත.

දොස්තයෙව්‍ස්කි හා ටොල්ටෝයි ගේ සමකාලීනයෙකු වූ තුර්ගේනෙව්‍ ඔහුන් දෙපළගේ සමීපතමයෙකු මෙන්ම ඔහුනගේ විවේචන වළටද ළක් වූ විශිෂ්ට කතාකාරයෙකි.

පාවුලෝ කොයියෝගේ ,අක්‍රාවේ අත්පිටපත්,මිලාන් කුන්දේරාගේ දරන්න බැරි සැහැල්ලුවක්, ආයිත්මාන්තෝව්‍ ගේ වේලාසන කොක්කු සරති,යුකිඔ මිෂීමා ගේ සිදුලෝලි සේලරුවා ,වැල්දමීර් නකබොව්‍ ගේ මේරි,ජුරෙක් බේකර් ගේ ජාකොබ් නම් බොරුකියන්නා,සුන් වී ක්වැන්ං ගේ හීන හිතැත්තී, ජේ ජී බැලාර්ඩ්‍ ගේ සිහිනගාමියා, යුංග් චෑංග් ගේ වන හංසියෝ ආදී විශ්ව සාහිත්‍යයේ අතිවිශිෂ්ට ග්‍රන්ථ රැසක් සිංහලට ගෙනා දශක ගණනක සිට පරිවර්තන සාහිත්‍යය සේවනයේ මෙන්ම අනෙකුත් ශ්‍රාස්ත්‍රීය සාහිත මෙහෙවරක යෙදෙන මේ ප්‍රාමානිකයාගේ පරිවර්තන කේෂ්ත්‍රයට සිදුවන අතිවිශිෂ්ට සේවාව ලාංකීය පරිවර්තන සාහිත ලෝලීන් කෙතෙක් දුරට ග්‍රහානය කරගෙන ඇත්තේදැයි පැණයකි.

එනමුත් මෙතුමා විසින් පරිවර්තිත බොහෝ කෘතීන් ලාංකීය පාඨකයින් අතර නොමදව සැරිසරා ඇති බවක්නම් සත්‍යයකි.
තමුන් අතින් පරිවර්තිත මහා කෘතීන් ගැන ස්වයං පම්පෝරි වලට නොයා එම කෘතීන් හි නිබද අයිතිය හා ඇගයීම හෝ විවේචනයන් හුදු පාඨකයා වෙතම පවරා උපේක්ෂාවෙන් නිහඩව එදෙස බලා සිටින මේ මහා ප්‍රාමානිකයාගේ පරිවර්තන සාහිත සේවනය උදෙසා අපගේ හෘදයාංගම සුභාසිංෂන මෙතැන එක් කරමු.

බෝපිටිය ලලිත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...