ඩී. එම්. එස්. ආරියරත්න ලාංකික පරිවර්තන සාහිත්‍යයේ නිහතමානී මහා ප්‍රාමානිකයා

Share post:

පරිවර්තන ප්‍රබන්ධ සාහිත්‍යය උදෙසා පිදෙන හොදම පරිවර්තනය සදහා වූ සම්මානය මෙවර රාජ්‍ය සාහිත්‍යය උළෙලේ දී හිමිකරගත්,ලාංකීය පරිවර්තන සාහිත්‍යය වෙතට විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති රැසක් රැගෙන ආ විශිෂ්ට පරිවර්තකයා ඩී එම් එස් ආරියරත්න .

සුභාවී ප්‍රකාශනයක් ලෙස මුද්‍රිත,විශිෂ්ට රුසියානු ලේඛක ඉවාන් තුර්ගේනව්‍ ගේ විශිෂ්ට ම කෘතියක් වන A Hunter’s Sketches හි අගනා සිංහල පරිවර්තනය වන “දඩයක්කාරයකුගේ සටහන්” කෘතියට මෙවර රාජ්‍ය සාහිත්‍යය උළෙලේ දී හොදම ප්‍රබන්ධ පරිවර්තන සදහා වූ ඇගැයීම හිමි විනි. මේ එලෙස හොදම පරිවර්තන ප්‍රබන්ධ ය සදහා වූ සම්මානය ඔහු හිමිකරගත් දෙවන අවස්ථාවයි.

ඉවාන් සෙර්ගෙයේවිච්‍ තුර්ගේනෙව්‍ ,පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය වර්ණවත් කළ මහා ලේඛකයෙකි. මෙම පරිවර්තිත දඩයක්කාරයෙකුගේ සටහන් කෘතිය ලිවීමත් ඉන් පසු ලියන ලද ඉතා අගනා කෘති රැස තුළිනුත් ඔහු රුසියානු මහා සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ විශිෂ්ට නවකතාකරුවෙකු ලෙස සනිටුවහන්ව ඇත.

දොස්තයෙව්‍ස්කි හා ටොල්ටෝයි ගේ සමකාලීනයෙකු වූ තුර්ගේනෙව්‍ ඔහුන් දෙපළගේ සමීපතමයෙකු මෙන්ම ඔහුනගේ විවේචන වළටද ළක් වූ විශිෂ්ට කතාකාරයෙකි.

පාවුලෝ කොයියෝගේ ,අක්‍රාවේ අත්පිටපත්,මිලාන් කුන්දේරාගේ දරන්න බැරි සැහැල්ලුවක්, ආයිත්මාන්තෝව්‍ ගේ වේලාසන කොක්කු සරති,යුකිඔ මිෂීමා ගේ සිදුලෝලි සේලරුවා ,වැල්දමීර් නකබොව්‍ ගේ මේරි,ජුරෙක් බේකර් ගේ ජාකොබ් නම් බොරුකියන්නා,සුන් වී ක්වැන්ං ගේ හීන හිතැත්තී, ජේ ජී බැලාර්ඩ්‍ ගේ සිහිනගාමියා, යුංග් චෑංග් ගේ වන හංසියෝ ආදී විශ්ව සාහිත්‍යයේ අතිවිශිෂ්ට ග්‍රන්ථ රැසක් සිංහලට ගෙනා දශක ගණනක සිට පරිවර්තන සාහිත්‍යය සේවනයේ මෙන්ම අනෙකුත් ශ්‍රාස්ත්‍රීය සාහිත මෙහෙවරක යෙදෙන මේ ප්‍රාමානිකයාගේ පරිවර්තන කේෂ්ත්‍රයට සිදුවන අතිවිශිෂ්ට සේවාව ලාංකීය පරිවර්තන සාහිත ලෝලීන් කෙතෙක් දුරට ග්‍රහානය කරගෙන ඇත්තේදැයි පැණයකි.

එනමුත් මෙතුමා විසින් පරිවර්තිත බොහෝ කෘතීන් ලාංකීය පාඨකයින් අතර නොමදව සැරිසරා ඇති බවක්නම් සත්‍යයකි.
තමුන් අතින් පරිවර්තිත මහා කෘතීන් ගැන ස්වයං පම්පෝරි වලට නොයා එම කෘතීන් හි නිබද අයිතිය හා ඇගයීම හෝ විවේචනයන් හුදු පාඨකයා වෙතම පවරා උපේක්ෂාවෙන් නිහඩව එදෙස බලා සිටින මේ මහා ප්‍රාමානිකයාගේ පරිවර්තන සාහිත සේවනය උදෙසා අපගේ හෘදයාංගම සුභාසිංෂන මෙතැන එක් කරමු.

බෝපිටිය ලලිත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...