‘මනුෂ්‍යත්වය ඉහළ දැමීම’ – දේ.වි.ගාල්ලගේ

Share post:

දේ.වි.ගාල්ලගේ විසින් පරිවර්තිත ලිපි එකතුවක් ‘මනුෂ්‍යත්වය ඉහළ දැමීම’ මැයෙන් යුතුව සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත්ව තිබේ. එහි සඳහන් ලිපි සියල්ලම පාහේ (නැතහොත් වැඩි ගණනක්) අපගේ එදිනෙදා ජීවිතයේ ගැඹුරු අවධානයකට ලක්විය යුතු , එහෙත් එසේ නොවන ඉසව් හා සංසිද්ධි කෙරේ විමසුම් ඇස යොමු කරයි. මා අද උදෑසන එකී කෘතිය කියවීමේ දී ඇසගැසුණු ලිපියකි, මැතිව් බෙයාර්ඩ් (කැන්බරාහි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය) රචිත ‘තාක්ෂණය අප ගිලගැනීම වළක්වන්නට අප ‘තාක්ෂණ ප්‍රඥාව’ වර්ධනය කළ යුතුය යන ලිපිය.

බෙයාර්ඩ් තාක්ෂණයේ අන්ත දෙකක් හඳුනා ගනී. ඒ තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යනුවෙනි.ඔහු එය වැඩිදුරටත් විස්තර කරන්නේ ‘තාක්ෂණ භීතියෙන් පෙළෙන්නෝ මෝඩ ලෙස හැසිරෙන පැකිළෙන්නන් වන අතර, තාක්ෂණය ලෝකයේ අවසානය ගෙන එනු ඇතැයි කනස්සළු වෙති. තාක්ෂණ ප්‍රීතිය
විඳින්නෝ, තාක්ෂණයෙන් කළ හැකි දෑ ගැන අන්ධ ලෙස සර්ව සුබවාදී වෙත්.’

බෙයාර්ඩ් මෙලෙස යෝජනා කරයි.

‘අපේ යුගයේ ඉහළම සදාචාර අභියෝගවලින් එකක් නම් , තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යන කාණ්ඩ දෙක අතර මැද යමක් සොයාගැනීමය. ‘තාක්ෂණ ප්‍රඥාව” ට සමානවන යමක් සොයාගැනුම අපට අවශ්‍යය.’
‘සදාචාරවත් තාක්ෂණය, ලොව ධනාත්මක වෙනසක් කරා (අවම වශයෙන් තව තවත් ගැටලු නිර්මාණය නොකර) ගෙන යායුතු යැයි සෑම පාරශ්වයක්ම එකග” වෙයි.

දේ.වි. තම කෘතියෙහි උපුටා පළකර ඇත්තේ සාරවත්කමින් අනූන කෙටි ලිපියකි. එහෙත් අද පොදුවේ ජීවිතවලට බලපාන දැවැන්ත ඉසව්වකි. ලංකාව ඩිජිටල් අනාගතයක් සඳහා රාජ්‍ය ප්‍රමුඛතාවයෙන් යුතුව අරඅඳින මේ වකවානුවේ පොදු මහජන සිතීමක් සඳහා පාදක කරගත හැක්කක් ලෙස මැතිව් බෙයාර්ඩ්ගේ මෙම ලිපිය සළකමි.

චන්ද්‍රරත්න බණ්ඩාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...