දේ.වි.ගාල්ලගේ විසින් පරිවර්තිත ලිපි එකතුවක් ‘මනුෂ්‍යත්වය ඉහළ දැමීම’ මැයෙන් යුතුව සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත්ව තිබේ. එහි සඳහන් ලිපි සියල්ලම පාහේ (නැතහොත් වැඩි ගණනක්) අපගේ එදිනෙදා ජීවිතයේ ගැඹුරු අවධානයකට ලක්විය යුතු , එහෙත් එසේ නොවන ඉසව් හා සංසිද්ධි කෙරේ විමසුම් ඇස යොමු කරයි. මා අද උදෑසන එකී කෘතිය කියවීමේ දී ඇසගැසුණු ලිපියකි, මැතිව් බෙයාර්ඩ් (කැන්බරාහි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය) රචිත ‘තාක්ෂණය අප ගිලගැනීම වළක්වන්නට අප ‘තාක්ෂණ ප්‍රඥාව’ වර්ධනය කළ යුතුය යන ලිපිය.
බෙයාර්ඩ් තාක්ෂණයේ අන්ත දෙකක් හඳුනා ගනී. ඒ තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යනුවෙනි.ඔහු එය වැඩිදුරටත් විස්තර කරන්නේ ‘තාක්ෂණ භීතියෙන් පෙළෙන්නෝ මෝඩ ලෙස හැසිරෙන පැකිළෙන්නන් වන අතර, තාක්ෂණය ලෝකයේ අවසානය ගෙන එනු ඇතැයි කනස්සළු වෙති. තාක්ෂණ ප්‍රීතිය
විඳින්නෝ, තාක්ෂණයෙන් කළ හැකි දෑ ගැන අන්ධ ලෙස සර්ව සුබවාදී වෙත්.’
බෙයාර්ඩ් මෙලෙස යෝජනා කරයි.
‘අපේ යුගයේ ඉහළම සදාචාර අභියෝගවලින් එකක් නම් , තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යන කාණ්ඩ දෙක අතර මැද යමක් සොයාගැනීමය. ‘තාක්ෂණ ප්‍රඥාව” ට සමානවන යමක් සොයාගැනුම අපට අවශ්‍යය.’
‘සදාචාරවත් තාක්ෂණය, ලොව ධනාත්මක වෙනසක් කරා (අවම වශයෙන් තව තවත් ගැටලු නිර්මාණය නොකර) ගෙන යායුතු යැයි සෑම පාරශ්වයක්ම එකග” වෙයි.
දේ.වි. තම කෘතියෙහි උපුටා පළකර ඇත්තේ සාරවත්කමින් අනූන කෙටි ලිපියකි. එහෙත් අද පොදුවේ ජීවිතවලට බලපාන දැවැන්ත ඉසව්වකි. ලංකාව ඩිජිටල් අනාගතයක් සඳහා රාජ්‍ය ප්‍රමුඛතාවයෙන් යුතුව අරඅඳින මේ වකවානුවේ පොදු මහජන සිතීමක් සඳහා පාදක කරගත හැක්කක් ලෙස මැතිව් බෙයාර්ඩ්ගේ මෙම ලිපිය සළකමි.