මෛත්‍රී ඝාතන උත්සාහයේ සැකකරුවන් වසර 15ක් රක්ෂිත බන්ධනාගාරයේ – ඊයේත් ඇප ප්‍රතික්ෂේපයි !

Share post:

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට ඇමැතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනිට අනුබල දීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඊයේ (28) ප්‍රතික්ෂේප කළේය.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ගොස්තාර් හෙවත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනුෂ් නමැති එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බව පෙන්වා දෙමින් එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර හා අසිත විපුලනායක එම ඇප ඉල්ලීම කර තිබිණි.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් ඔවුන්ට එල්ල කර ඇත්තේ ද එම පනත යටතේ ගැනෙන චෝදනා බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥවරයා එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය දක්වන ලදි.

එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පෙන්වා දුන් විනිසුරුවරයා, පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 28, 29 සහ 30 යන දින තුන තුළ පැවැත්වීමට ද දින නියම කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී පී. විජේරත්න හා දොන් ගුණපාල වීරසිංහ යන අයගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හා තවත් පුද්ගලයන් පස්දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා ඇත.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...