දේශබන්දුගේ නම පොලිස්පති ධුරයට යෝජනා කිරීමත් අත්තනෝමතික ක්‍රියාවක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් : සඳුදා සිට නඩුව එකදිගට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

Share post:

දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම පමණක් නොව ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කර යැවීම පවා අත්තනෝමතික බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අවලංගු කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව කරුණු දක්වමිනි.’

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ පත්වීමට එරෙහි පෙත්සම් අටක් අද කැඳවිණි.

නීතිඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් , ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ මනීෂා කුමාරසිංහ ඇතුළු පිරිසක් අද කරුණු දැක්වූහ.

පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම් අද අවසන් වූ අතර, සඳුදා (15) සිට දිනපතා වගඋත්තරකරුවන්ගේ කරුණු දැකවීම් අවසන් වන තුරු නඩුව කැඳවීමට නියෝග කළ අධිකරණය සියලු‍ කරුණු දැක්වීම්වලින් පසු නඩුව විභාගයට ගැනීමට අවසර දෙන්නේද යන්න ගැන නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළේය.

අද කරුණු දක්වමින් සාලිය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ චෝදනා ගණනාවක් ඇති සහ අධිකරණයෙන් වධහිංසාවට වගඋත්තරකරුවකු ලෙස තීන්දු කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැවීම ම වැරදි සහ අත්තනෝමතික බවයි. එසේම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් නැතිව ඔහු පොලිස්පති ලෙස පත්කිරීම ද ව්‍යවස්ථානුකූල නැතැයි සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ ශමිල් පෙරේරා මහතා පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් සහ එහිදී දේශබන්දු⁣ තෙන්නකෝන් ලබා දුන් සාක්කියෙන් කරුණු ගෙනහැර දක්වමින් අවධාරණය කළේ එම සිද්ධියට අදාළ ව වගකීම් පැහැර හැර ඇති නිලධාරියකු ලෙස හඳුනාගත් පුද්ගලයකු පොලිස්පති ලෙස පත්කිරීමට කිසිසේත් සුදුස්සකු නොවන බවයි.

නීතිඥ මනීෂා කුමාරසිංහ මහත්මිය මෙහිදී කරුණු දක්වමින් සඳහන් කළේ ආයතන සංග්‍රහය අනුව චෝදනා එල්ලවී ඇති පුද්ගලයකුට උසස්වීම්, වැටුප් වර්ධක මෙන්ම විදේශ ගමන් හිමි නොවන පසුබිමක දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කර ඇති බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් ඉල්ලා සිටියේ මෙවැනි පුද්ගලයකු පොලිස්පති ලෙස රාජකාරි කිරීම ගැටලු‍කාරී සහ අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකි බැවින් දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...