මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

Share post:

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඊට හේතුව වන්නේ, සජින් වාස් ගුණවර්ධනගේ දුරකතනයෙන් ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දී ඇති ප්‍රකාශයකි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු තමන් දන්නවායැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2024 වසර මුලදී ප්‍රකාශ කළේය. ‘ඔය නඩු අහන ඒවායැ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. මම අල්ලපු අය තමයි නඩු අහන්නේත්. අනෙක් පැත්තෙන් ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි කවුද පාස්කු ප්‍රහාරය කළේ කියන එක. ඒක රහසිගතව තබාගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා.‘ යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඉන්පසු 2024 මාර්තු 24 වැනිදා ඔහුව ඒ පිළිබඳ විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදි. ඉන්දීය ඔත්තු සේවයකින් තමන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පවසා තිබිණි.

පොලීසිය පැවසුවේ අදාළ ඇමතුම් පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් දුරකතන අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන විසින් ලබා දී ඇතැයි හෙළි වන බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...