මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

Share post:

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඊට හේතුව වන්නේ, සජින් වාස් ගුණවර්ධනගේ දුරකතනයෙන් ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දී ඇති ප්‍රකාශයකි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු තමන් දන්නවායැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2024 වසර මුලදී ප්‍රකාශ කළේය. ‘ඔය නඩු අහන ඒවායැ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. මම අල්ලපු අය තමයි නඩු අහන්නේත්. අනෙක් පැත්තෙන් ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි කවුද පාස්කු ප්‍රහාරය කළේ කියන එක. ඒක රහසිගතව තබාගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා.‘ යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඉන්පසු 2024 මාර්තු 24 වැනිදා ඔහුව ඒ පිළිබඳ විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදි. ඉන්දීය ඔත්තු සේවයකින් තමන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පවසා තිබිණි.

පොලීසිය පැවසුවේ අදාළ ඇමතුම් පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් දුරකතන අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන විසින් ලබා දී ඇතැයි හෙළි වන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...