කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

Share post:

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ලක්ෂ්මන් හුළුගල්ලේ මාධ්‍යයට පැවසුවේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් බවයි. ඒ වෙඩි තැබීමෙන් පැය දෙකකට පසුව ය. අධිකරණයේදී සියලු කරුණු තහවුරු වූ අතර, ජූලම්පිටියෙ අමරේට මරණ දඬුවම නියම කෙරිණි.

2012 ජුනි 15 වැනිදා මාතර, කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා, පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර, තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරු කෙරුණු ජූලම්පිටියෙ අමරේ නමැත්තාට 2019 නොවැම්බර් 07 වැනිදා තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය.

මේ නියෝගයට එරෙහිව ජූලම්පිටියෙ අමරේ විසින් අභියාචනාධිකරණයට ගිය අතර, අභියාචනාධිකරණයෙන් ද එම දඬුවම තහවුරු කෙරිණි. ඉන්පසු ජූලම්පිටියෙ අමරේ තමන්ට ලබාදුන් දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (07) එම දඬුවම තහවුරු කළේය.

ජූලම්පිටිය අමරේට අවශ්‍ය සියලු රැකවරණය දුන් බවට චෝදනා එල්ල වන්නේ මහින්ද රාජපක්ෂට ය. වලස්මුල්ල, මිද්දෙනිය, වීරකැටිය සහ තණමල්විල පොලිස් ස්ථානවල, ඔහු විසින් කරන ලද මිනීමැරුම් විසි දෙකකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු තිබේ. මේ ප්‍රදේශවල සිදු වූ ස්ත්‍රී දූෂණ එකොළහක, ළමා අපචාර හතරක සහ මංකොල්ලකෑම් රැසක ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ද මේ ජූලම්පිටියේ අමරේ නමැත්තා ය. ප්‍රභූ ආරක්ෂක අංශ භාවිත කරන මිනිඌෂි වර්ගයේ ගිනි අවි ඇතුළු ආයුධ රැසකින් ඔහු සන්නද්ධව සිටියේය. ඝාතන දෙකකට පමණක් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

වරක්-දෙවරක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණද, 1998 වසරේ සිට 2019 වසර දක්වා ඔහු යහතින් සිටියේය. ගෝලයා බලන්නට බන්ධනාගාරයට ගිය මහින්ද රාජපක්ෂ කිව්වේ, ‘අමරෙ, මම මහින්ද, බය නැතුව එළියට එන්න‘ යනුවෙන් ය.

කෙසේ වෙතත් විශේෂයෙන් කිව යුතුය. කුමන තත්ත්වයක් යටතේ හෝ මරණ දඬුවම පිළිගැනීමට හැකියාවක් නැත. සැලසුමකට අනුව ජීවිතයක් නැති කිරීම යනු අපරාධයකි. එසේම ජූලම්පිටියෙ අමරේ වැන්නවුන්ගෙන් මේ අපරාධවලට යුක්තිය ඉටුකිරීම අවසන් කිරීමට ද නොහැකිය. කටුවන සිදුවීමෙන් පැය දෙකකට පසු එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේගෙන් අණදෙන්නන්ගේ හඬ ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...