රවීට සහ ශානිට එරෙහිව පොලිස් ලොක්කෝ දෙන්නෙක් සීඅයිඩී යති !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වගකිව යුතු බව සඳහන් කරමින් පැය 7ක ප්‍රකාශයක් හිටපු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට සම්බන්ධ වෙමින්, එහි වැඩසටහනකට එක් වීමෙන් පසු, මෙම චෝදනා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන්ට එල්ල වී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ගුණවර්ධණ ඇතුලු නිලධාරීන්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ලැබී තිබියදීත්, ඒ පිළිබඳ විශ්වාස කිරීමට කරුණු කොමිෂන් සභා වාර්තා ගණනාවක සඳහන්ව තිබියදී, මෙලෙස පැමිණිලි ඉදිරිපත් කළ පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත්තේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට නිලධාරීන් වගකිවයුතු නම්, වැඩිපුර වගකිවයුත්තේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මීට පෙරද, වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමක් ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින් නැවත වතාවක් දේශපාලන පළිගැනීමක් සිදු කරන්නේදැයි මේ වන විට සැක මතුව තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...