රවීට සහ ශානිට එරෙහිව පොලිස් ලොක්කෝ දෙන්නෙක් සීඅයිඩී යති !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වගකිව යුතු බව සඳහන් කරමින් පැය 7ක ප්‍රකාශයක් හිටපු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට සම්බන්ධ වෙමින්, එහි වැඩසටහනකට එක් වීමෙන් පසු, මෙම චෝදනා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන්ට එල්ල වී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ගුණවර්ධණ ඇතුලු නිලධාරීන්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ලැබී තිබියදීත්, ඒ පිළිබඳ විශ්වාස කිරීමට කරුණු කොමිෂන් සභා වාර්තා ගණනාවක සඳහන්ව තිබියදී, මෙලෙස පැමිණිලි ඉදිරිපත් කළ පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත්තේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට නිලධාරීන් වගකිවයුතු නම්, වැඩිපුර වගකිවයුත්තේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මීට පෙරද, වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමක් ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින් නැවත වතාවක් දේශපාලන පළිගැනීමක් සිදු කරන්නේදැයි මේ වන විට සැක මතුව තිබේ.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...