සුනිල් නොවී සු-නිල් වෙන්ඩ දෙන ගයාන් !

Share post:

ගයාන් පෙරේරා මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවෙ නැතත් ගයාන්ගෙ සින්දුවල වෙනම රහක් තියෙනව. අලුත් සින්දුව ‘සයිකෝ’ ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මේ ඒ ගැන කම්ප්ලීට් නොවන ෂෝට් නෝට් එකක්.

ලියුම්කරුට සුනිල් අයියා මතක් වුණා. සුනිල් පෙරේරා සින්දුවක් කියනකොට එයාගෙම වචනෙකින් කියනවනං ‘හපල කියනව’. ගයානුත් සුනිල්ව ඉමිටේට් නොකර හපනව. හැබැයි කන්නෑ. ඒක තමයි සොමිය.

සුනිල්ගෙ සමහර මෙතඩ්ස් ගයාන්ටත් ඇවිත්. එකක් තමයි, සින්දුව සමකාලීන දේවල් එක්ක මුහු කරන එක. නෝනෙ මගෙ සුදු නෝනේ පෝලිම් යුගය එක්ක. කුරුමිට්ටෝ ඒ කාලෙ ආව සයන්ස් ෆික්ෂන් රැල්ල එක්ක. ඒක අස්සට ඇවිදින ඇටසැකිලි වගේ නළු නිළියොත් ගේනවා.
සිඤ්ඤෝරේ කෙලින්ම මජර මන්ත්‍රීගෙ රෙදි ගලවනව. මේ සමකාලීනත්වය ක්‍රොස් ඕවර් කරන වැඩේට සුනිල් සමකාලීන වදන්, ප්‍රදේශ, චරිත අරවද මේවද ඔක්කොම ගේනවා. ඒකෙන් තමයි එයා රසික ප්‍රජාව මත සින්දුව දිගේලි කරන්නෙ.

ඒ සින්දුවල වචන අස්සෙ මොරටුව තියෙනව. බෙලෙක්කඩේ හන්දිය තියෙනව. ඇනස්ලි බර්ටි සැමුවෙල්ලා මර්සිලා ෆ්රෙඩීලා ලතාල ඇන්ජලින්ලා ඒ කාලෙ ලෝක පූජිත වෙච්ච බෲස්ලීලා මොහොමඩ් අලීලා එල්විස් ප්‍රෙස්ලිල පවා ඉන්නව.

වචනවලින් බැරි නං විෂුවල් එකට හරි, ඕඩියෝ ෆිලර් එකකට හරි, විනෝදය සපයන චරිත සුනිල් පාවිච්චි කරනව. පහසුවටත් වාසියටත් සින්දුවට, එවකට ජනප්‍රිය ගැමුණු විජේසූරියගෙ හඬ ගේනවා.තම හරකා ගෙනයනවා දැක කෑ ගැසූ ගමයාටත් පූසාගෙන් ගේම ඉල්ලූ රා බීපු මීයාටත් හඬ දුන්නෙ ඔහු.
මතකය නිවැරදි නම් එවකට රූපවාහිනියෙ ගිය ඒ විෂුවල් එකේ විනෝද සමයෙ සැමුවෙල් රුද්‍රිගුත් හිටියා. තමන්ගේ සමකාලීන විනෝදකාරක චරිත පාවිච්චි කරලා, සමාජයීය විහිළුව ප්‍රති අර්ථකථනය කරන්න සුනිල් පෙරේරා දක්ෂ වුණා.

ගයානුත් ඒ ක්‍රම සහ විධි පාවිච්චි කරනව. ඒක ආතල්. ඒත් දෙන්නාගෙ ප්‍රවේශයන් දෙක දෙකක්. මොකද සුනිල් සින්දුවම විෂුවල් වලට ගෙනාව. ගයාන් සින්දුවෙන් එකක් කියන ගමන් විෂුවල් එකෙන් තව එකක් කියනව. ඒ දෙක එකතු වෙන තැන ගයාන් ඉන්නව.
සමහර වෙලාවකට උඩින් අතගෑවිගෙන යනව වගේ පෙනුනත් ඩිජිටල් යුගයේ රීච් යුද කලාපයට ගයාන් ගෙනල්ලා අත අරින ක්ලේමෝ එක සෙල්ලං එකක් නං නෙමේ. නව මාධ්‍ය ඇතුලෙ වැඩකරන සීතල දේශපාලනය, ඒකෙන් ලාවට හරි දෙදුරුම් කනව.

විමල් කැටිපෙආරච්චි

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...