කියුබාවේ හිටපු ආර්ථික ඇමතිට මූල්‍ය අපරාධ චෝදනා

Share post:

කියුබාවේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයාට සහ එවකට රජයේ තනතුර දැරූ පුද්ගලයන් කිහිපදෙනෙක්ට එරෙහිව මූල්‍ය අපරාධ සහ රාජ්‍ය රහසිගත තොරතුරු හෙළිදරව් කිරීම යටතේ නඩු පැවරීමට එරට රජ කටයුතු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කරන්නේ වසරකට වැඩි කාලයක් කරනු ලැබූ විමර්ශනවලින් පසුව, හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමති අලේජන්ද්‍රෝ ගිල් ට එරෙහිව නඩු පවරන්නට කටයුතු කළ බවයි. ගිල් 2019 සිට 2024 දක්වා අදාල අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබීය.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කරුණු දක්වන්නේ අදාල කාලසීමාව තුළ ගිල් සහ අනෙකුත් නිළධාරීන් විසින් මුදල් විශුද්ධිකරණය, අල්ලස් සහ මූල්‍ය වංචාවලට අදාල ක්‍රියා ගණනාවකට මෙන්ම, රජය විසින් ගන්නා ලද රහසිගත තීරණ ගණනාවක්ම වෙනත් පාර්ශවලට හෙළිදරව් කර ඇති බවයි. මේ සිදුවීම්වලට තවත් රටවල් කිහිපයක් සම්බන්ධ නමුත්, ඒ කුමන රටවල් ද යන්න සඳහන් කර නැහැ.

අදාල චෝදනා වලට වැරදිකරු වුවහොත්, කියුාබනු නීතිය අනුව වසර 10 සිට මරණ දඬුවම දක්වා වන දඬුවම්වලට යටත් වීමට චූදිතයන්ට සිදුවනු ඇත.

කියුබානු ජනාධිපතිවරයාගේ ඉතා ලඟම හිතවතෙක් ලෙසට සැලකෙන ගිල්, 2021 කියුබානු ආරථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් කරනු ලැබීය. කෙසේ වෙතත් එම ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පසුව කියුබානු ආර්ථිකය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වී ඇති අතර, උද්ධමනය හේතුවෙන් රටතුළ දේශපාලන අර්බුදයක්ද නිර්මාණය වෙමින් තිබේ.

ගිය වසරේ දී අලේජන්ද්‍රෝ ගිල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද ඔහුට එරෙහිව එල්ලවෙමින් තිබූ මහජන විරෝධය සහ තවත් චෝදනා ගණනාවක් පදනම් කරගෙනය.

Related articles

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ඇත්ත සහ මම

ඇත්ත පුවත්පතට සම්බන්ධ වීම සඳහා විමලනාත් වීරරත්න මට දුන් ඇමතුම අනුව ජයතිලක සිල්වා හමුවුණෙමි.මා සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ...

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...