කියුබාවේ හිටපු ආර්ථික ඇමතිට මූල්‍ය අපරාධ චෝදනා

Share post:

කියුබාවේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයාට සහ එවකට රජයේ තනතුර දැරූ පුද්ගලයන් කිහිපදෙනෙක්ට එරෙහිව මූල්‍ය අපරාධ සහ රාජ්‍ය රහසිගත තොරතුරු හෙළිදරව් කිරීම යටතේ නඩු පැවරීමට එරට රජ කටයුතු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කරන්නේ වසරකට වැඩි කාලයක් කරනු ලැබූ විමර්ශනවලින් පසුව, හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමති අලේජන්ද්‍රෝ ගිල් ට එරෙහිව නඩු පවරන්නට කටයුතු කළ බවයි. ගිල් 2019 සිට 2024 දක්වා අදාල අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබීය.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කරුණු දක්වන්නේ අදාල කාලසීමාව තුළ ගිල් සහ අනෙකුත් නිළධාරීන් විසින් මුදල් විශුද්ධිකරණය, අල්ලස් සහ මූල්‍ය වංචාවලට අදාල ක්‍රියා ගණනාවකට මෙන්ම, රජය විසින් ගන්නා ලද රහසිගත තීරණ ගණනාවක්ම වෙනත් පාර්ශවලට හෙළිදරව් කර ඇති බවයි. මේ සිදුවීම්වලට තවත් රටවල් කිහිපයක් සම්බන්ධ නමුත්, ඒ කුමන රටවල් ද යන්න සඳහන් කර නැහැ.

අදාල චෝදනා වලට වැරදිකරු වුවහොත්, කියුාබනු නීතිය අනුව වසර 10 සිට මරණ දඬුවම දක්වා වන දඬුවම්වලට යටත් වීමට චූදිතයන්ට සිදුවනු ඇත.

කියුබානු ජනාධිපතිවරයාගේ ඉතා ලඟම හිතවතෙක් ලෙසට සැලකෙන ගිල්, 2021 කියුබානු ආරථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් කරනු ලැබීය. කෙසේ වෙතත් එම ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පසුව කියුබානු ආර්ථිකය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වී ඇති අතර, උද්ධමනය හේතුවෙන් රටතුළ දේශපාලන අර්බුදයක්ද නිර්මාණය වෙමින් තිබේ.

ගිය වසරේ දී අලේජන්ද්‍රෝ ගිල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද ඔහුට එරෙහිව එල්ලවෙමින් තිබූ මහජන විරෝධය සහ තවත් චෝදනා ගණනාවක් පදනම් කරගෙනය.

Related articles

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...