‘ජපානයේ සකුරා මල් වියනක් යටින් ඉඳගන්න ලංකාවෙන් ආපු කුමාරිකාවෝ’ – කන්දක් සේමා

Share post:

ආර්. ප්‍රේමදාස ජනාධිපති විය සිටි සමයේ පැවති එක්තරා අමුතු ගණයේ සංකල්පයක් විය. ඒ ලංකාවෙි රූමත් තරුණියන් ජපානයේ නීගතා ප්‍රදේශයේ වාසය කළ වයසක පිරිම්න්ට විවාහ කර දීමයි. මෙි සංකල්පයට හේතු වූයේ ජපානයේ තිබු ශිනානෝ ගංගාවයි. නීගතා පෙදෙසෙ වාසය කළ ජපන් පිරිමින් සමඟ ජපන් කාන්තාවන් විවාහ වුයේ නැත. මන්ද අද කාලයේ මෙන් යන්ත්‍ර සුත්‍ර නොතිබුණු යුගයක ජපානයේ ශිනානෝ ගංගාව හරහා තිබු කන්ද කපද්දි ඒ කන්දෙහි පස්, ගල් ඇද්දේ ගැහැණුන්ගේ කර මතින් වීමයි. නීගතාවෙි ගැහැණුන්ගේ කර මතින් ඇදෙන පස් කිලෝමීටර් ගණනාවක් දිගේ ඈතට ඇදෙන්නට වුණා. මෙයින් නීගතාවෙි ගැහැණු දැඩි පීඩාවට පත් වුණා. නීගතාව අතහැර ජපානයේ ටෝකියෝ වැනි පෙදෙස් වෙත මෙි ගැහැණුන් සංක්‍රමණය වුණා. මෙි නිසා ජපන් රජය විසින් නීගතාවෙි පිරිමින්ට ඉන්දියාව, ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි විජාතික රටවලින් ගැහැණුන් ගෙන්වාගෙන විවාහ කර ගැනීමට අවසර ලබා දෙනවා.

මේ සිදුවීම එක්තරා ආකාරයක දේශපාලනික සිදුවීමකි. මෙි දේශපාලනික කුණාටුවට ලංකාවෙි තරුණියන් දසතේ ජපානයේ නීගතාවට ගසාගෙන යයි. ජපානයේ වෙසෙන වයස අවුරුදු 62ක් වන ‘මසායා සුමිකාවා’ ලංකාවෙි ‘නූපා’ නමි වයස අවුරුදු 28ක වයසැති රූමත් තරුණිය විවාහ කරගන්නේ දෛවය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ය. නූපා විසින් කිසිවිටෙකත් පය නොතැබු දේශයකට, නන්නාඳුන මිනිසුන් පිරි ඉසවිවකට පා තබන්නේ කිසිදු කැමැත්තකින් නමි නොවෙි. නුපා ජපන් භාෂාව දන්නේ නැත. මසායා සිංහල භාෂාව දන්නේ ද නැත. මසායා සං සමඟ විවාහ වුව ද ඔවුන් එකිනෙකාව තේරුම් ගන්නට භාෂාව අවැසි ය. ඊටත් වඩා මසායා සං යනු ගුප්ත චරිතයකි. ඔහු සැමවිටම නුපාගේ සතුට අතුරුදහන් කරන්නෙක්. නමුත් නුපා වැටෙන්නේ නැත. තරුණ කාන්තාවක වශයෙන් මහළු සැමියෙකු සමඟ ජීවත් වීම, විවාහ වූ තරුණියකට ඇතිවන ලිංගික හැඟීම්, සැමියාගේ අකැමැත්ත මත ඔහුගෙන් දරුවෙකු හදා ගැනීම, ජපානයේ සමාජ පරිසරයට හුරු වීම, නුහුරු ජපන් සංස්කෘතියට හැඩ ගැසීම, භාෂා අර්බුදය ආදි නොයෙකුත් ගැටළු රැසක් නූපා හමුවේ තිබෙයි.

කන්දක් සේමා’ චිත්‍රපටයට පාදක වෙන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින් සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කරන ලද ‘කන්දක් සේමා’ නවකතාවයි. චිත්‍රපටයේ කතාව මොහොතකින් අතීතයටත්, අනතුරුව වර්තමානයටත් දෝලනය වන ශෛලියක් රැගත් චිත්‍රපටයකි. චිත්‍රපටයේ නූපා ලෙසින් නිරෝෂා පෙරේරාගේ රංගනය නූපාව ජීවමාන කරවයි. මසායා සං චරිතය වෙනුවෙන් නිරූපණය කරන ජපන් නළු ‘ජුන් එකෝ’ යනු මා නවකතාව තුළ මවාගත් පරිකල්පිත චරිතයට බෙහෙවින් සමානය. මොවුන් දෙපළගේ සුසංයෝගය ⁣විසින් වෙනම ඉසවිවකව අපව කැඳවාගෙන යයි. රුවන් කොස්තාගේ කැමරා ඇස මීට වඩා ජපානයේ සුන්දරත්වය හසු කර ගන්නට තිබුණා නොවෙිද යැයි සිතිණ. චිත්‍රපටයේ රිද්මය සහ මන්දගාමී ශෛලිය විසින් කතාවට ආවෙිණික වූ හැඩයක් ගොඩ නඟයි. අසෝක අතාවුදහෙටිටිගේ අධ්‍යක්ෂණ කාර්යය මැනවින් ඉටු කර තිබෙි.

නවකතාවෙි සියල්ල චිත්‍රපටයට ගත නොහැක. නවකතාව සහ චිත්‍රපටය යනු කාරණා දෙකක් ය. නවකතාව සහ ආශ්‍රිත චිත්‍රපටය යනු අහසට පොළොව මෙනි. ඒ කෙසේ වෙතත් සිනමා කෘතියක් තුළ ආශ්‍රය කරගෙන තැනුනු නවකතාවෙි සාධාරණබව සෙවීම නමි මුග්ධබවකි. ප්‍රේක්ෂකයා යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නගා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහි වූ පසු එයින් නවකතාව සෙවීම ද අනුවණ කමක්. ප්‍රේක්ෂකයා රස විඳිය යුත්තේ තමා ඉදිරියේ දිග හැරෙන අධ්‍යක්ෂකවරයාගේ ආඛ්‍යානය විනා ගෙදර තබා පැමිණි නවකතාකරුගේ කෘතිය නොවිය යුතුය. චිත්‍රපටයේ සිනමාරූපි රසය වෙනුවට නවකතාවේ රසය චිත්‍රපටයෙන් සොයන්නට කාලය මිඩංගු කළහොත් විසල් අතරමං වීමකට පත්වේ. නවකතාවකින් නිර්මාණය කරන චිත්‍රපටයක් යනු එකම මවකගේ නිවුන් දරුවන් දෙදෙනෙකු වෙනස් ගති ගුණ පෙන්නුම් කරන්නාක් වැනි සංසිද්ධියකි. නමුත් සිනමා කෘතිය නවකතාව අභිබවා ගිය සිනමා භාවිතාවකින් පෝෂණය වී ඇත්නම් කාටත් සතුටු විය හැකිය. කන්දක් සේමා යනු සාර්ථක නවකතාවකින් නිර්මාණය කළ සාර්ථක චිත්‍රපටයකි.

චිත්‍රපටය විසින් මේ චරිත ගොඩනැගීමේදී ඉතාමත් සංවේදී සාකච්ඡාවක් සමාජය තුළ මතුකරයි. එය පදනම් වී තිබුණේ ආදරය පිළිබඳ එකිනෙකට වෙනස් වූ ආකෘති පවතීය යන අදහස මත සහ මේවායින් විවාහය සඳහා පදනම සැපයිය යුත්තේ කුමන ආකෘතිය ද යන කරුණ මතය. මෙහිදී ආදරය පිළිබඳ ආකෘති, නැතිනම් ආදරයේ ආකාර වශයෙන් මතුවී ආවේ අ​නුරාගය (passion), ගැලපීම (compatiblity) සහ යුතුකම (duty) යන කාරණා නුපා විසින් ඛණ්ඩනයට ලක් කරයි. ‘කන්දක් සේමා’ චිත්‍රපටයේ එන නූපා යනු ලංකාවෙන් නීගතාවට ගොස් තම ධෛර්යයෙන් නැඟී සිටින අපේ ලාංකීය තරුණ කාන්තාවකගේ ශෝකාලාපය වෙති. දකුණු ආසියානු කාන්තාවන්ගේ ඉරණම මෙයයි. මැදපෙරදිග ගොස් බැලමෙහෙවරකමි කරන ලාංකීය කාන්තාව සේම ජපානය බලා සිහින දකින නුපලාගේ එක් අනුරූපයක් නුපා විසින්ම යථාර්ථවාදීව අපට මවා පෙන්වයි. කන්දක් සේමා චිත්‍රපටයට අවසානයක් නැත. නුපාගේ ජීවිත අරගලයට ද අවසානයක් නැත. ලංකාවෙි සෑම ප්‍රේක්ෂකයකගෙ අවධානයට පාත්‍ර විය යුතු විශිෂ්ට සිනමාකෘතියක් ලෙස ‘කන්දක් සේමා’ නරඹන්නට ඉහළින්ම නිර්දේශ කළ හැකිය.

මලින්ත විතානගේ

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...