තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

Share post:

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස් ගණනක් තායි වැසියන්ගේ සහභාගිත්වයෙන් තායි අගනුවර බැංකොක් නගරයේ පැවැත්වුණු විරෝධතාවයේදී ‘තායි අගමැතිනිය රටේ හැතිරියක්!’ යනුවෙන් පුවරු පවා ප්‍රදර්ශනය කෙරුණා.

ඒ අතරේ තායිලන්ත අධිකරණය විසින් අද (01) ශිනවත්‍රාට අගමැති ධූරයේ රාජකාරි සිදුකල නොහැකිවන ආකාරයට තීන්දුවක් ලබාදුන්නා. ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනෙන අතරතුරදී යි.

තායි අගමැතිනිය ශිනවත්‍රා කියන්නේ ප්‍රබල දේශපාලන සහ ව්‍යාපාරික පවුලකින් පැවතගෙන එන කෙනෙක්. ඇය මේ තනතුරට පත්වුණු තැන ඉඳන් අවස්ථා ගණනාවකදීම ඇයට දැඩි ජනතා විරෝධය එල්ලවුණා. ආසන්නම සිදුවීම වෙන්නේ කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් එක්ක ශිනවත්‍රා පවත්වපු දුරකතන සංවාදයක් මාධ්‍යයට අනාවරණය වීමයි. මේ ඇමතුමේදී ශිනවත්‍රා කාම්බෝජ නායකයාව ආමන්ත්‍රණය කරන්නේ ‘අංකල්’ කියලා.

තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශ සීමා අර්බුදය කාලයක් තිස්සේ පවතිනවා. මේ ගැටුම මුලින්ම ආරම්භ වෙන්නේ මීට අවුරුදු සීයකටත් කලින් තායිලන්ත-කාම්බෝජ සීමාවේ තියන ප්‍රීහා විහේර් කියන ඉපැරණි බෞද්ධ විහාරයක අයිතිය සම්බන්ධයෙන්. මේ විහාරය පවතින්නේ කාම්බෝජ සීමාවේ වුනත් තායිලන්තය මේ විහාරය සහ ඒ ආශ්‍රිත භූමිය අත්පත් කරගන්න අවස්ථා ගණනාවකදිම යුද්ධයට ආවා.
කාලයක් සමනය වෙලා තිබුණු ප්‍රශ්නය 2008 දි ආයෙත් මතුවෙලා රටවල් දෙක යුද්ධ කරන්න පටන්ගත්තා. අවස්ථා ගණනාවකදිම ඇතිවුණ ගැටුම් වලින් රටවල් දෙකේම හමුදා සාමාජිකයන් ඝාතනයට ලක්වුණා.

2013 බලයට පත්වුණු හුන් සෙන් කාම්බෝජයේ කුප්‍රකට වංචා සහ දූෂණ ගණනාවකටම වැරදිකරුවෙක් වුණ පාලකයෙක්. හුන් සෙන් 2024 දක්වා බලයේ රැඳී සිටිද්දි අවස්ථා ගණනාවකදිම තායිලන්තයට ප්‍රහාර එල්ල කලා. ඒ නිසාම හුන් සෙන් සලකන්නේ තායිලන්තයේ පරම හතුරෙක් විදිහට.
ඉතින් පරම හතුරෙක් විදිහට සලකන කෙනෙක් එක්ක තායි අගමැතිනිය අංකල් කියලා කතා කරද්දි තායි වැසියෝ ඉවසගෙන ඉඳීවි කියලා හිතන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම මේ දවස්වල නැවතත් කාම්බෝජය එක්ක තායිලන්තයේ ගැටුම් වර්ධනය වෙලා දේශ සීමා පවා වසා දමා තිබෙන වෙලාවක නිසා මේ ලීක්වුණු කෝල් එක අගමැතිනියට විශාල ගැටළුවක් වෙලා.

පේටොන්ග්ටාන් ශිනවත්‍රා 2024 දි සන්ධාන ආන්ඩුවක් පිහිටුවමින් තායිලන්තයේ අගමැතිධූරයට පත්වෙන්නේ එම තනතුරට පත්වුණු ලාබාලතම දේශපාලනඥයා විදිහටයි. තායිලන්තයේ ඉතා ධනවත් ව්‍යාපාරික පවුලකට අයත්වෙන පේටොන්ග්ටාන් ගේ පියා වන්නේ 2001-2006 කාලයේ තායිලන්තයේ අගමැතිවරයා විදිහට කටයුතු කරපු තක්ෂින් ශිනවත්‍රයි.

දේශපාලනය පැත්තෙන් වගේම ව්‍යාපාර පැත්තෙන් පවා දැඩි බලපෑම් කරන ශිනවත්‍රා පවුල දැඩි දේශපාලන බල පිපාසාවකින් පෙලෙන පවුලක් කියන එක තායිලන්තයම දන්නා කාරණයක්. කොහොමවුනත් මේ දුරකතන සංවාදය නිරාවරණය වීමත් එක්කම ශිනවතා පවුල තායිලන්තයේ විරුද්ධවාදීන් විදිහට කටයුතු කරන කාම්බෝජයේ පාලකයෙක් එක්ක ලඟ ආශ්‍රයක් තියන බවට කරුණු හෙළිවීම නිසා ශිනවතා පවුලේ දේශපාලන අනාගතය දැඩි අවදානමකට ලක්වෙලා ඉවරයි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

2025.07.01

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...

ධාවන පිටියේ අර්බුධය

ලෝක මලල ක්‍රීඩාව ගැන කතා කලොත් අමතක කරන්න බැරි වචනය හෝ රට ජැමෙයිකාව.ඇමරිකා එක්සත් ජනපදයේ කෙටි දුර ආධිපත්‍යට...