ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

Share post:

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින් නවත්වන්න. තව පොඩ්ඩක් ඉස්සරහට ගියානම් මහේලගේ 374ත් තවත් ඉස්සරහට ගියානම් ලාරාගේ 375ත් කඩන්න තිබ්බ. එහෙම කඩල මැතිව් හේඩන්ගේ 380ත් අවසානයේ ලාරාගේ ඓතිහාසික 400 ළඟටත් යන්න තිබ්බ. ඒකට අවශ්‍ය උනේ තව ලකුණු 33ක් විතරයි.

හැබැයි ගොඩක් ආධුනිකයෝ හිටපු අලුත් සිම්බාබ්වේ ටෙස්ට් ටීම් එකට ගහල එහෙම යන්නේ නැතිව අර ඉතිහාසයේ ගැරී සෝබර්ස් විතරක් පහුකරලා මල්ඩර් නතර වෙනවා. ඒ කියන්නේ සෝබර්ස් දක්වා යන්න පුළුවන්. තව ඉස්සරහට යන්නත් පුළුවන්. හැබැයි අනික් අය පහුකරලා යන්න තරම් මේක අවස්ථාව නෙවෙයි වගේ. ලාරා ඉස්සරහින් එහෙම නම ලියාගෙන වැඩක් නැහැ වගේ….

”ලාරා සතුව ඒ වාර්තාව තිබිය යුතුයි. ඒක තමයි හරිම විදිය” පස්සේ මල්ඩර් එහෙම කියනවා මාධ්‍ය සාකච්චාවෙදි.

මල්ඩර්ගේ මේ ක්‍රියාව මම දැක්ක ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීමක්. ක්‍රිකට්වල ලස්සන අවසථාවක්. අත්හැරීම නිසාම ඉතිහාසගත වීමක්. අත්හැරීම ඇතුලෙම ඉතිහාසය තමන්ගේ නමට ලියා ගැනීමක්.

මල්ඩර් ඊයේ ලෝක ජනමාධ්‍යයේ නිව්ස් එකක් හැදුවේ එහෙම…

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...