ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

Share post:

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින් නවත්වන්න. තව පොඩ්ඩක් ඉස්සරහට ගියානම් මහේලගේ 374ත් තවත් ඉස්සරහට ගියානම් ලාරාගේ 375ත් කඩන්න තිබ්බ. එහෙම කඩල මැතිව් හේඩන්ගේ 380ත් අවසානයේ ලාරාගේ ඓතිහාසික 400 ළඟටත් යන්න තිබ්බ. ඒකට අවශ්‍ය උනේ තව ලකුණු 33ක් විතරයි.

හැබැයි ගොඩක් ආධුනිකයෝ හිටපු අලුත් සිම්බාබ්වේ ටෙස්ට් ටීම් එකට ගහල එහෙම යන්නේ නැතිව අර ඉතිහාසයේ ගැරී සෝබර්ස් විතරක් පහුකරලා මල්ඩර් නතර වෙනවා. ඒ කියන්නේ සෝබර්ස් දක්වා යන්න පුළුවන්. තව ඉස්සරහට යන්නත් පුළුවන්. හැබැයි අනික් අය පහුකරලා යන්න තරම් මේක අවස්ථාව නෙවෙයි වගේ. ලාරා ඉස්සරහින් එහෙම නම ලියාගෙන වැඩක් නැහැ වගේ….

”ලාරා සතුව ඒ වාර්තාව තිබිය යුතුයි. ඒක තමයි හරිම විදිය” පස්සේ මල්ඩර් එහෙම කියනවා මාධ්‍ය සාකච්චාවෙදි.

මල්ඩර්ගේ මේ ක්‍රියාව මම දැක්ක ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීමක්. ක්‍රිකට්වල ලස්සන අවසථාවක්. අත්හැරීම නිසාම ඉතිහාසගත වීමක්. අත්හැරීම ඇතුලෙම ඉතිහාසය තමන්ගේ නමට ලියා ගැනීමක්.

මල්ඩර් ඊයේ ලෝක ජනමාධ්‍යයේ නිව්ස් එකක් හැදුවේ එහෙම…

මහේෂ් හපුගොඩ

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...