පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක්

Share post:

පුරාණ ග්‍රීක උපාය මාර්ගයකින්, රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක් ….

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ one big beautiful bill නමැති පනත් කෙටුම්පත (අයවැය පනත) එක්සත් ජනපදය බංකොලොත්භාවයට ගෙන යන බව ලොව අංක එකේ බිලියනපතියා වන එලොන් මස්ක් ප්‍රකාශ කරයි.
පසුගිය 04 වැනිදා ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ “The American party” නමින් නව දේශපාලන පක්ෂයක් බිහි කළ බව නිවේදනය කළ අවස්ථාවේ දී ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ හිටපු සහයෝගිතාකරුවකු මෙන්ම, DOGE හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එලොන් මස්ක් එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ උණුසුම් ගැටුමක් ඇති කර ගත්තේය. ඉන් ටික කලකට පසු, ඔහු තමාගේම පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බවට ඉඟි කළේය.
රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකම ඇමරිකානු පුරවැසියන්ගේ අවශ්‍යතාවලට එරෙහිව තනි පක්ෂ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වන බවට ඔහු තවදුරටත් චෝදනා කළේය.

නාස්තියෙන් හා දූෂණයෙන් එක්සත් ජනපදය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, ඇමරිකානු පුරවැසියන් ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව ඒක පක්ෂ ක්‍රමයක බව පැවසූ එලොන් මස්ක්, අද, ඇමරිකානු පුරවැසියන්ගේ නිදහස නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇති බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි ඔහුගේ ස්ථාවරය දැඩි ලෙස වෙනස් කිරීමට හේතු වූ ප්‍රධාන හේතුව කුමක්දැයි විමසූ විට මස්ක් කියා සිටියේ, “බයිඩ්න් පරිපාලනය යටතේ දැනටමත් පවතින ඩොලර් ට්‍රිලියන 2 ක හිඟය ට්‍රම්ගේ තීරණ නිසා ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා වැඩි වී රට බංකොලොත් කරනු ඇති නිසා.” ⁣තමන්ගේ ස්ථාවරය වෙනස් වූ බවය.

මැතිවරණයට තරඟ කිරීමට සැලසුම් කරන්නේ කවදා දැයි විමසූ අවස්ථාවේදී මස්ක් ඊට පිළිතුරු දුන්නේ, “ලබන වසරේ,” යැයි කියමිනි.
තම පක්ෂය 2026 මධ්‍ය කාලීන මැතිවරණයට ඉදිරිපත් වන බව මස්ක් නිවේදනය කළේය.

පුරාණ ග්‍රීක ජෙනරාල්වරයෙකු උපුටා දක්වමින් එලොන් මස්ක් වැඩිදුරටත් පැවසුවේ, ඒක පක්ෂ පද්ධති යාන්ත්‍රණය බිඳ දැමීම සඳහා ක්‍රි.පූ. 371 දී ලියුක්‍රා (Leuctra) සටනේදී ස්පාටන් හමුදාවට එරෙහිව තීබ්ස්හි සිට පුරාණ ග්‍රීක ජෙනරාල් එපමිනොන්ඩාස් (General Epaminondas) විසින් භාවිතා කරන ලද උපාය මාර්ගයට සමාන උපාය මාර්ගයක් තමන් විසින් ගන්නා බවය.

රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් ඒක පක්ෂ දෙක ස්පාටා ලෙසත්, ඒවා ප්‍රමුඛ නමුත් දෝෂ සහිත පද්ධතියක් ලෙසත්, තමන්ගේ පක්ෂය දේශපාලන සංස්ථාපිතය කඩාකප්පල් කිරීමට ඉලක්ක කරගත් කුඩා බලවේගයක් වන තීබ්ස් ලෙසත්, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා වන බිලියනපති එලොන් මස්ක් පවසයි.
2026 නොවැම්බර් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව සඳහා තරඟ පැවැත්වීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තරඟ කිරීමට නම්, අදාල අපේක්ෂකයා ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලබා තිබිය යුතු වේ. දකුණු අප්‍රිකාවේ උපන් මෙම බිලියනපති ව්‍යාපාරිකයා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ කිරීමට නුසුදුසු බව සැලකිල්ලට ගත් විට, එක්සත් ජනපදයේ දේශපාලනය තුළ ඉදිරියේ දී කුමණ සිදුවීම් දිගහැරෙනු ඇති දැයි අවිනිශ්චිත ය.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනයෙන් වසර 62 කට ආසන්න කාලයකට පසු, මනෝවිද්‍යාත්මක යුද්ධ පිළිබඳ විශේෂඥයෙකු වූ ජෝර්ජ් අයොනිඩස් (ජෝර්ජ් ජොනයිඩස්) ඩලස් හි ඛේදජනක සිදුවීම් වලට පෙර, ලී හාවි ඔස්වල්ඩ් ( කෙනඩිගේ ඝාතකයා සමග) නමැති පුද්ගලයා සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බව මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) ප්‍රථම වරට මේ වන විට නිහඬව පිළිගෙන තිබේ.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Related articles

ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින්...

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම...

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...