වසර විසි එකකට පසු ආසියානු ක්‍රීඩා උලෙලකදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් අවස්ථාවේ රනින් සිය ජන්ම භූමිය පිදූ ආදරණීය දියණියගේ ඉරියව්ව මේ සඳහා මා තෝරාගත් පින්තූරයේ විද්‍යාමාන ය. මා උත්සහ දරන්නේ කහටගස්දිගිලියේ උපන් වලල රත්නායක විද්‍යාලයේ තරුෂිගේ ක්‍රීඩා කෞශල්‍යය ගැන කථා කරන්නට නොවේ. මට අවශ්‍ය තරුෂිලා ගැන කථා කරන්නට ය.
චීනයේ හැංග්ජෝ ( Hangzhou) නගරයේ පැවැත්වෙන ක්‍රීඩා උලෙලේ මීටර් 800 ඉසව්ව ආරම්භ වූ මොහොතේ පටන් අවසාන මොහොත දක්වාම විස්තර විචාරකයින් කථා කළේ ඉන්දියාවේ බෙයින්ස් හර් මිලන් පිළිබඳව විනා තරුෂි ගැන නොවේ. සියල්ලන් බලාපොරොත්තු වූයේ හර් මිලන්ගේ ජය හෝ චීන ක්‍රිඩිකාවගේ ජය විනා තරුෂිගේ විශිෂ්ඨත්ව ය නොවේ.
එහෙත් තරුෂී අවසාන මීටර් සියය තුල තරගයේ ඉරණම වෙනස් කළාය. ඉසව්ව අන්තර් ජංජාලයෙන් දෙතුන් වරක් නැරඹීමි. තරගය අවසන් කළ ඈ ගර් ජනා කළේ වරක් දෙවරක් නොවේ.
ඈ ශ්‍රී ලංකාවේ පහලවූ පළමු විශිෂ්ඨයාද අවසාන විශිෂ්ඨයාද නොවේ. ඩන්කන් වයිට්ගෙන් ඇරඹී ඒ විශිෂ්ඨත්වය තරුෂිගෙන් අවසන් නොවේ. ඇගේ ඒ හේෂාවරය කියා පෑවේ කුමක්ද? ඈ මුදා හැරියේ කවර නම් පණිවුඩයක්ද? ඒ පණිවුඩ කාවෙනුවෙන්ද? කා සඳහාද? තරගාවසානය බලා සිටියවුන්ගෙන් හැඬුනේ මට පමණක් නොවන බව මම දනිමි.
ජවය යනු කය කේන්ද්‍රීය දෙයක් පමණක් නොවේ. මනසින් සමායෝජනය වන ජවය අරමුණ කරා ඔබ ගෙන යයි. ආචාර් ය චානක්‍ය වරෙක අධිරජ අශෝක අමතා, තමා තුළ සිටින සතුරා පළමුව පරාජය කරන්නැයි අවවාද කළේ ඒ නිසාය.
අම්පාරේ ආර් කරුණානන්ද ජපානයේ 1964 ඔලිම්පික් 10,000 තරගයේ හොඳම පරාජිතයා විය. නොදිනන බව දැන දැනත් තරගය තනිව අවසන් කල කරුණානන්දගෙන් එසේ කලේ ඇයිදැයි මාධ්‍යෙවේදීහු ඇසූහ. ඔහු කීවේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් මම ජපානයට ආවේ ධාවන පථයේ වට විස්සක් දුවන්නට විනා 17කින් අවසන් කරන්නට නොවන්නට බවය. තනිව වට තුනක් දුවන්නට තිබියදී පළමු වටය දුවද්දී උසුළු විසුළු කළ ක්‍රීඩාගාරය දෙවන තුන්වන වට වලදී අසුන් වලින් නැගිට කරුණානන්දට ආචාර කළහ.
රන් පදක්කම දිනූ ඇමරිකානු බිලී මිල්ස් කීවේ රන්පදක්කම අයිති තමාට නොව ශ්‍රී ලංකාවේ කරුණානන්දට බවය. කරුණානන්දගේ ධෛර් යය ජපාන රජය අගය කළේ ඔහුගේ කතාව හා ඉසව්ව ජපන් දරුවන්ගේ පෙළ පොතකට ඇතුළත් කරමිනි. එහි වූයේද අධිෂ්ඨානය යි.
උගන්ඩා ජාතික ජෝශුආ චෙප්ටේගෙයි උගන්ඩාවේ කම්පාලා නුවර ජාතික මට්ටමේ මීටර් 10000 තරගයක 2017 දී නිම කිරීමට මීටර් 100කට පෙර ඇද වැටෙන්නේ පය පැකිලීමෙන් නොවේ; බඩගින්න නිසාය. ඒ අදැවැටීම ඔහු තෘප්තිමත් කළේ 2017 ලන්ඩන් ලෝක මලල ක්‍රීඩා ගූරතා තරගාවලියේදී මීටර් 5000 රිදී පදක්කමක් දිනාගනිමින් හා 2021 ටෝකියෝ ඔලිම්පික් මීට ර් 5000 රන් පදක්කම හා මීටර් 10000 රිදී පදක්කම දිනාගනිමිනි.
තරුෂි පැරදවූයේ තමාට වඩා දේහධාරී මස්ගොබ වලින් හෙබි ක්‍රීඩිකාවක් සමූහයකි. ඒ රැලේ කුඩාම තරගකාරිය තරුෂී ය. ඇගේ හේෂාවරයේ ඒ සුවිශේෂී ජයග්‍රහණයේ අභිමානය තිබු බව අමුතුවෙන් කිවයුතු නැත. ඇගේ ඉරියව් හා දෑස් දෙස හොඳින් බලන්න..ඇගේ දෑස් තුළ විනිවිද පෙනෙන ධෛර් යවන්ත කතාවක් හොඳාකාරවම පෙනේ.
දිගන ක්‍රීඩා පිටියේ පුහුනු කටයුතු සඳහා පැමිණ රුපියල් 30ක් නොමැති වීමෙන් ආපසු හරවා යැවුන තරුෂිගේ ක්‍රීඩාදිවියේ කූට ප්‍රාප්තිය මෙය නොවේ. අවුරුදු 18ක හෝ 19ක මේ කුඩා කෙල්ලගේ ධෛර් යය ඇති මිනිසුන් ගැහැනුන් තවත් සිය දහස් ගණනක් මාතෘ ජනනිය මත, ලක් පොළව මත ඇත. ඒ සියල්ලන්ගේ නානාවිධ වූ ශක්තීන් එක්රැක් කරනු වෙනුවට ඔවුන් පරා රෝපිත උදාසීනයන් බවට පත් වන්නේ ඇයි? තරුෂි කෑගසා කීවේ එය සහාසික අපරාධයක් බව යැයි මම ඔහේ සිතමි.
පාලන තන්ත්‍රය විසින්ම කැබිනට් තීරණයක් ලෙස බංකොලොත් යැයි පිලිගත් රටක, 43%ක් තුන් වේලෙන් දෙකක් පමණක් කන රටක තරුෂිගේ හේෂාවරය තම අභිමානය පමණක් පසක් කිරීමේ වෑයමක් යැයි මම නොසිතමි. තරුෂිගේ ගර් ජනාව පිටුපස, ගෘහ සේවිකාවක ලෙස මැදපෙරදිගට ගිය රිටිපැනීමේ ජාතික ශූරියගේ කඳුුලු ඇතැයි සිතන්නට සහෘදයිනි මට ශුද්ධවූ අයිතියක් ඇත.
තරුෂි ජාතික වස්තුවකි. ඒ ජාතික වස්තු රැකගැනීම සඳහා අප සතුව යම් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබේද? ක්‍රිකට් දෙවෙනි කොට නොසලකමි. එහෙත් ක්‍රිකට්
සඳහා ඇති ආයතන ව්‍යුහයන්, වරප්‍රසාද, පහසුකම් තරුෂිලා වෙනුවෙන් ඇත්ද? එසේ සැකසෙන්නේ නම් තරුෂිලා තවත් කීදෙනෙක් නම් බිහිකල හැකිද? තරුෂිලා සඳහා වන අනාගත දර් ශනය සැකසීමේ දේශපාලන වැඩපිළිවෙලක් අපට පෙනෙනතෙක් මානයක තිබේද? තරුෂි කෑ ගසා ඉල්ලුයේ ඒ අයිතිය යැයි මම අත්තනෝමතිකව සිතමි.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නම හා රුව තරුෂී යැයි මම සිතමි. එනයින්, ඇය ශ්‍රී ලාංකීය කාන්තාව ගැන ශ්‍රී ලාංකීය කාන්තාවන්ටම නවමු කථාවක් කීවායැයි මම සිතමි. ඒ ශක්තිය පිළිබඳවය.
එහෙත් මේ රටේ සාතිෂය බහුතරයක් පින්තාරු කාන්තාවන් හැත්ත බුරුත්තගේම පංචස්කන්ධ තරාදියේ එක් පැත්තකට දමා තරුෂිගේ පදක්කම අනිත් පැත්තට දැම්මද, පදක්කම බරින් වැඩිය. ඇගේ ගර්ජනාවේ අභීත ගැහැණියකගේ අධිෂ්ඨාන ශක්තිය මැනෙවින් ගැබ්ව තිබිනි.. ඇසිිණි!