තලේබාන්ලාට එරෙහිව කාන්තාවන් වීදි බසී : කිසි නිදහසක් නැහැ එක්සත් ජාතීන්

Share post:

තලෙයිබාන් සංවිධානය විසින්  රට පුරා කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරමින් නව නීති පැනවීමත් සමග කාන්තා රූපලාවන්‍ය ශිල්පිනියන්  ඊට එරෙහිව වීදි බැස තිබේ.

එම නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස විරෝධතාකරුවන් තලේබානු රජයෙන් ඉල්ලා ඇති බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය පවසන පරිදි, රට පුරා සියලුම කාන්තා රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා මෝස්තර සැලුන් වසා දැමීමට තලේබාන් සංවිධානය නියෝග කිරීමෙන් පසු රටේ කාන්තාවන් 60,000 කට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් ඇත.

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය නාලිකාවට අදහස් දක්වමින්, රූපලාවන්‍ය ශිල්පිනියක් වන නාඩියා සුල්තානි පැවසුවේ, “කාන්තා රූපලාවන්‍යාගාර 12,000කට වැඩි ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානය පුරා ක්‍රියාත්මක වන අතර ඔවුන් සියල්ලන්ම කාන්තාවන් බවයි.

සෑම රූපලාවන්‍යාගාරයකම ප්‍රධානියා කාන්තාවක්.” එවැනි කාන්තා රූපලාවන්‍යාගාරවල සේවය කරන තවත් කාන්තාවන් සිටිනවා. ඔවුන් රූපලාවන්‍යගාර වල සේවය කරන්නේ ජීවිතයේ තියෙන දුෂ්කරතාවන් මගහරවා ගන්න වගේම සහ දුප්පත්කම නිසා” රූපලාවන්‍යාගාරයක අයිතිකාරිනියක් වන  රහා හසානි  ප්‍රකාශ කළාය.

තලේබාන් නීති

කාබුල් සහ රට පුරා අනෙකුත් පලාත්වල කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරමින් තලේබාන් සංවිධානය ජූලි 4 වැනිදා නියෝගයක් නිකුත් කළේය. තලේබාන් පාලනය යටතේ  උප සංස්කෘතික සහ සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ තීරණය කරන්නාවූ අමාත්‍යාංශය මගින් මෙම නියෝගයට සහාය දී ඇති අතර එය ක්‍රියාත්මක කරන ලෙසත් කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අවලංගු කරන ලෙසත් කාබුල් මහ නගර සභාවෙන් ඉල්ලා ඇත.

2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසු ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට පාසල්, විශ්ව විද්‍යාලවලට යෑම සහ රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම මෙන්ම උද්‍යාන, සිනමා ශාලා සහ වෙනත් විනෝදාස්වාදක ස්ථාන වැනි පොදු ස්ථානවලට යෑම තහනම් කර තිබුණි.

එක්සත් ජාතීන් කියන කතා

2023 ජූනි මස මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි නිත්‍ය සැසිවාරයේදී අදහස් දැක්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අයිරින් ඛාන් සිය දේශනය අතරතුර, තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ගේ  පොදු ක්‍රියාකාරකම් සඳහා මුළුමනින්ම තහංචි පනවා ඇතැයි පැවසුවාය.

මීට පෙර, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිචඩ් බෙනට් පැවසුවේ 2021 සැප්තැම්බර් සහ 2023 මැයි අතර තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ආඥා පනත් 50 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.

මෙම නීති “ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය, රැකියා සහ සමාජ සහ දේශපාලන කිරීමේ  අයිතිය අහිමි කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.   

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...