තලේබාන්ලාට එරෙහිව කාන්තාවන් වීදි බසී : කිසි නිදහසක් නැහැ එක්සත් ජාතීන්

Share post:

තලෙයිබාන් සංවිධානය විසින්  රට පුරා කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරමින් නව නීති පැනවීමත් සමග කාන්තා රූපලාවන්‍ය ශිල්පිනියන්  ඊට එරෙහිව වීදි බැස තිබේ.

එම නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස විරෝධතාකරුවන් තලේබානු රජයෙන් ඉල්ලා ඇති බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය පවසන පරිදි, රට පුරා සියලුම කාන්තා රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා මෝස්තර සැලුන් වසා දැමීමට තලේබාන් සංවිධානය නියෝග කිරීමෙන් පසු රටේ කාන්තාවන් 60,000 කට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් ඇත.

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය නාලිකාවට අදහස් දක්වමින්, රූපලාවන්‍ය ශිල්පිනියක් වන නාඩියා සුල්තානි පැවසුවේ, “කාන්තා රූපලාවන්‍යාගාර 12,000කට වැඩි ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානය පුරා ක්‍රියාත්මක වන අතර ඔවුන් සියල්ලන්ම කාන්තාවන් බවයි.

සෑම රූපලාවන්‍යාගාරයකම ප්‍රධානියා කාන්තාවක්.” එවැනි කාන්තා රූපලාවන්‍යාගාරවල සේවය කරන තවත් කාන්තාවන් සිටිනවා. ඔවුන් රූපලාවන්‍යගාර වල සේවය කරන්නේ ජීවිතයේ තියෙන දුෂ්කරතාවන් මගහරවා ගන්න වගේම සහ දුප්පත්කම නිසා” රූපලාවන්‍යාගාරයක අයිතිකාරිනියක් වන  රහා හසානි  ප්‍රකාශ කළාය.

තලේබාන් නීති

කාබුල් සහ රට පුරා අනෙකුත් පලාත්වල කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරමින් තලේබාන් සංවිධානය ජූලි 4 වැනිදා නියෝගයක් නිකුත් කළේය. තලේබාන් පාලනය යටතේ  උප සංස්කෘතික සහ සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ තීරණය කරන්නාවූ අමාත්‍යාංශය මගින් මෙම නියෝගයට සහාය දී ඇති අතර එය ක්‍රියාත්මක කරන ලෙසත් කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අවලංගු කරන ලෙසත් කාබුල් මහ නගර සභාවෙන් ඉල්ලා ඇත.

2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසු ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට පාසල්, විශ්ව විද්‍යාලවලට යෑම සහ රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම මෙන්ම උද්‍යාන, සිනමා ශාලා සහ වෙනත් විනෝදාස්වාදක ස්ථාන වැනි පොදු ස්ථානවලට යෑම තහනම් කර තිබුණි.

එක්සත් ජාතීන් කියන කතා

2023 ජූනි මස මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි නිත්‍ය සැසිවාරයේදී අදහස් දැක්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අයිරින් ඛාන් සිය දේශනය අතරතුර, තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ගේ  පොදු ක්‍රියාකාරකම් සඳහා මුළුමනින්ම තහංචි පනවා ඇතැයි පැවසුවාය.

මීට පෙර, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිචඩ් බෙනට් පැවසුවේ 2021 සැප්තැම්බර් සහ 2023 මැයි අතර තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ආඥා පනත් 50 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.

මෙම නීති “ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය, රැකියා සහ සමාජ සහ දේශපාලන කිරීමේ  අයිතිය අහිමි කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.   

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...