වෙනස් වුණා කී තලේබාන්වරුන් මිලියන 2.5කට අධික ඇෆ්ගන් ගැහැනු ළමයින්ට අධ්‍යාපනය අහිමි කරලා – එක්සත් ජනපද විශේෂ නියෝජිත !

Share post:

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමයින් මිලියන 2.5කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය අහිමි වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජනපද විශේෂ නියෝජිතවරියක වන රීනා අමිරි පවසා තිබේ.

එරට කාන්තාවන් සහ ගැහැනු ළමයින් මුහුණ දෙමින් සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමකදී ඇය අනාවරණය කර ඇත. වැඩිදුරටත් ඇය අවධාරණය කර ඇත්තේ සෑම ගැහැනු ළමයෙකුට ම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබිය යුතු බවයි.

තලේබාන්වරු යටතේ ජීවිතය

2021 අගෝස්තු මාසයේදී රටේ පාලනය අත්පත් කරගත් තලේබාන්වරුන්ගේ පීඩාකාරී ආකල්ප හේතුවෙන් මීට පෙර විවෘත වුණු ද්විතීයික අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවල දොරටු ශිෂ්‍යාවන්ට වසාදැමිණි.

තලේබාන් පාලනය යටතේ, විශේෂයෙන්ම පොදු ජීවිතය, රැකියා අවස්ථා සහ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව කාන්තාවන්ගෙන් සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති අතර, ඒ හේතුවෙන් කාන්තාවන් සහ ගැහැනු ළමයින් දැඩි පිඩාවට ලක්ව සිටී.

විශේෂයෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හෝ ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් හෝ සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීමේ අවස්ථාව තලේබාන්වරුන් විසින් අහිමි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් විරෝධයක් මතුව තිබේ.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන කාන්තාවන් සහ ගැහැනු ළමයින් සවිබල ගැන්වීමේ වැදගත්කම, ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සහ සමාන අවස්ථා ලබාදීමේ වැදගත්කම පිළිබඳව අදාළ විදෙස් සංවිධාන දිගින්-දිගටම තලේබාන්වරුන් දැනුවත් කරමින් සිටින අතර, එය රටේ දිගුකාලීන සංවර්ධනයට සහ ස්ථාවරත්වයට ද ඉතා වැදගත් බව පෙන්වා දී ඇත.

එවැනි ජාත්‍යන්තර ඉල්ලීම් තිබියදීත්, තලේබාන් නායකත්වය මෙම ආයාචනා නොසලකා හරිමින් ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසට එම සංවිධානවලට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

වෙනස් කිව්වට වෙනස් වෙලා නැහැ

2021දී තලේබාන් බලයට පත් වූ විට, ඔවුන්ගේ ආකල්ප බොහෝ සෙයින් වෙනස් වී ඇතැයි කතාබහට ලක්විය.

එහෙත් තලේබාන් සංවිධානය ප්‍රතිසංස්කරණය වී නැති බවට වර්තමානය වන විට චෝදනා නැගෙන අතර, 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම තලේබාන් පාලනය යටතේ ද කාන්තාවන්ගේ ජීවිත දැඩි ලෙස සීමා කරමින්, පීඩාකාරී සහ වෙනස් කොට සැලකීම් සිදු කළ බවට චෝදනා එල්ල විය.

තලේබාන් සංවිධානය ප්‍රාථමික පාසල් මට්ටමෙන් ඔබ්බට ගැහැනු ළමයින්ට අධ්‍යාපනය තහනම් කළේය. ගැහැනු ළමයින් සඳහා වූ පාසල් වසා දැමූ අතර, කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට යෑම හෝ උසස් අධ්‍යාපනය හැදෑරීම තහනම් විය. එමෙන්ම කාන්තාවන්ගේ පෞද්ගලික සංවර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා කළේය.

සෞඛ්‍ය සේවා අංශය වැනි රැකියා අවස්ථා හැර කාන්තාවන්ට නිවසින් පිටත වැඩකිරීම ද තහනම් විය. මෙම සීමාව නිසා බොහෝ කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ජීවනෝපාය අහිමි වූ අතර, ඔවුන් ආර්ථික වශයෙන් යැපෙන සහ අවදානමට ලක්වූවන් විය.

එපමණක් නොව, බුර්කාව ඇඳීමට කාන්තාවන්ට බලකෙරුණු අතර, ඔවුන්ගේ මුහුණු ඇතුළු ව හිස සිට දෙපතුල දක්වා ආවරණය කළ යුතුව තිබිණි. ඇඳුම්-පැළඳුම් නීති කඩකළහොත් දැඩි දඬුවම් ලැබුණු අතර, කාන්තාවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද දැඩි සේ යටපත් කෙරිණි.

තලේබාන් යළිත් නැවතත් එම ප්‍රතිපත්ති ම අනුගමනය කරමින් සිටින අතර, අවස්ථා කිහිපයකදී ගැහැනු ළමෝ උසස් අධ්‍යාපනයට අවස්ථාව ඉල්ලා උද්ඝෝෂණවල නිරත වූහ. ඊට නායකත්වය දුන් ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගැනීමට තලෙබාන්වරු කටයුතු කළේය.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...