මානසික නිදහස සොයා ඇඳුම් මහන ඇෆ්ගන් දැරිවියෝ

Share post:

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ශිෂ්‍යාවන්ට  පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු  වසා දැමීමත් සමග ප්‍රධාන නගර ආශ්‍රිතව මැහුම් වැඩමුළු ආරම්භ කර  ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

එලෙස පාඨමාලාවක් මෙහෙයවන උපදේශිකාවක වන යසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ  “සිසුවියන් හතළිහක් පනහක් පමණ මෙහි පුහුණුව ලබනවා. මෙම පාඨමාලාව මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් ලෙස තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේ අරමුණ අධ්‍යාපනය අහිමි වූ  ශිෂ්‍යාවන් සඳහා මැහුම් වැඩ සහ පුහුණුව ලබා දීමයි. එමගින් මානසික නිදහසක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. 

“මම අතීෆා,  11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. පාසල් වසා දැමීමත් සමග මගේ සිහින සියල්ල අහිමි වුණා. පස්සේ මම මැහුම් ඉගෙන ගන්න පටන් ගත්තා. තවත් සිසුවියක් වන  සහරා මාධ්‍ය වෙත පවසා තිබුණේ.  “විශ්වවිද්‍යාල වසා දැමීම නිසා අපට අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි වූ නිසා, විරැකියාව සහ මානසික ගැටලු වළක්වා ගන්න මැහුම් ඉගෙන ගන්න යොමු වුණා. 

කෙසේවෙතත්  තලේබාන් පාලනයෙන් පසුව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රවල රැකියා කිරීමට කාන්තාවන්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බව කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මාධ්‍ය වෙත පවසා තිබේ. 

“මැහුම් හා හස්ත කර්මාන්ත අංශයට කාන්තාවන්ගේ උනන්දුව වැඩි වී තිබෙනවා. අපි නිල නොවන සංඛ්‍යාලේඛන ලබා දෙන්නේ නම්, මේ වනවිට ඇෆ්ගනිස්ථානය පුරා  කාන්තාවන් 45,000 කට වඩා සිටිය හැකියි,” කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සල්මා යොසිෆ්සායි පැවසූවාය. 

මේ අතර ඇෆ්ගනිස්තානයේ ශිෂ්‍යාවන්ට නැවත පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු විවෘත කරදීමේ අරමුණින්  එරට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ආගමික පූජකවරු එක්ව ‘ඇෆ්ගනිස්තාන ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය‘ නමින් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉස්ලාමයට පටහැනි බව කියමින් තලේබාන් සංවිධානය 6 වැනි ශ්‍රේණියේ සිට සියලු ඇෆ්ගන් දැරිවියන්ගේ අධ්‍යාපනය තහනම් කළ අතර. ඔවුන්ගේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගත්තේය. 

පසුගිය කාලය ඇතුළත එරට සිසුවියන් සඳහා පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස කළ ඉල්ලීම් කිසිවකට තලේබාන් සංවිධානය ප්‍රතිචාර දක්වා නොතිබිණි.   

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...