මානසික නිදහස සොයා ඇඳුම් මහන ඇෆ්ගන් දැරිවියෝ

Share post:

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ශිෂ්‍යාවන්ට  පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු  වසා දැමීමත් සමග ප්‍රධාන නගර ආශ්‍රිතව මැහුම් වැඩමුළු ආරම්භ කර  ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

එලෙස පාඨමාලාවක් මෙහෙයවන උපදේශිකාවක වන යසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ  “සිසුවියන් හතළිහක් පනහක් පමණ මෙහි පුහුණුව ලබනවා. මෙම පාඨමාලාව මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් ලෙස තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේ අරමුණ අධ්‍යාපනය අහිමි වූ  ශිෂ්‍යාවන් සඳහා මැහුම් වැඩ සහ පුහුණුව ලබා දීමයි. එමගින් මානසික නිදහසක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. 

“මම අතීෆා,  11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. පාසල් වසා දැමීමත් සමග මගේ සිහින සියල්ල අහිමි වුණා. පස්සේ මම මැහුම් ඉගෙන ගන්න පටන් ගත්තා. තවත් සිසුවියක් වන  සහරා මාධ්‍ය වෙත පවසා තිබුණේ.  “විශ්වවිද්‍යාල වසා දැමීම නිසා අපට අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි වූ නිසා, විරැකියාව සහ මානසික ගැටලු වළක්වා ගන්න මැහුම් ඉගෙන ගන්න යොමු වුණා. 

කෙසේවෙතත්  තලේබාන් පාලනයෙන් පසුව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රවල රැකියා කිරීමට කාන්තාවන්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බව කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මාධ්‍ය වෙත පවසා තිබේ. 

“මැහුම් හා හස්ත කර්මාන්ත අංශයට කාන්තාවන්ගේ උනන්දුව වැඩි වී තිබෙනවා. අපි නිල නොවන සංඛ්‍යාලේඛන ලබා දෙන්නේ නම්, මේ වනවිට ඇෆ්ගනිස්ථානය පුරා  කාන්තාවන් 45,000 කට වඩා සිටිය හැකියි,” කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සල්මා යොසිෆ්සායි පැවසූවාය. 

මේ අතර ඇෆ්ගනිස්තානයේ ශිෂ්‍යාවන්ට නැවත පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු විවෘත කරදීමේ අරමුණින්  එරට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ආගමික පූජකවරු එක්ව ‘ඇෆ්ගනිස්තාන ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය‘ නමින් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉස්ලාමයට පටහැනි බව කියමින් තලේබාන් සංවිධානය 6 වැනි ශ්‍රේණියේ සිට සියලු ඇෆ්ගන් දැරිවියන්ගේ අධ්‍යාපනය තහනම් කළ අතර. ඔවුන්ගේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගත්තේය. 

පසුගිය කාලය ඇතුළත එරට සිසුවියන් සඳහා පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස කළ ඉල්ලීම් කිසිවකට තලේබාන් සංවිධානය ප්‍රතිචාර දක්වා නොතිබිණි.   

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...