ශ්‍රී ලංකාව ආසියානු පදක්කම් දෙකක් දිනයි

425

24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.

ඊයේ (12) තායිලන්තයේ පත්තයා නුවරදී ආරම්භ වූ මෙම තරගාවලියේ ඉතිහාසයේ පළමු වතාවට මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වූවාය.

ගයන්තිකා මීටර 1500 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ විනාඩි 4 තත්පර 14.39 ක දක්ෂතාවක් දක්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකම් කියූ අතර මීටර 60.93ක් ඇය විසින් වාර්තා කලාය.

එය ඇගේ දෙවැනි ආසියානු ශූරතා පදක්කමයි.