ශ්‍රී ලංකාව ආසියානු පදක්කම් දෙකක් දිනයි

Share post:

24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.

ඊයේ (12) තායිලන්තයේ පත්තයා නුවරදී ආරම්භ වූ මෙම තරගාවලියේ ඉතිහාසයේ පළමු වතාවට මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වූවාය.

ගයන්තිකා මීටර 1500 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ විනාඩි 4 තත්පර 14.39 ක දක්ෂතාවක් දක්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකම් කියූ අතර මීටර 60.93ක් ඇය විසින් වාර්තා කලාය.

එය ඇගේ දෙවැනි ආසියානු ශූරතා පදක්කමයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...