මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය

Share post:

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 – 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ”පියාපතක් වන් ජීවිතයක්” (The Unberable Lightness of Being) නම් නවකතාවේ සහ තවත් නවකතා කිහිපයක කතුවරයා වන ඔහු මියගොස් තිබෙන්නේ ඉතාලියේ මිලාන් හි දී.

කුන්දේරාගේ ‘පියාපතක් වන් ජීවිතයක්’ (1984) නවකතාව ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ නවකතාවක් වනවා. ඔහුගේ නවකතා චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබුවේ ඔහුගේ කෘතිවල ඉතාම සූක්ෂම ලෙස ඔහු භාවිත කළ දේශපාලන උපහාසය සහ දාර්ශනික කරුණු විසින් කොමියුනිස්ට්වාදයේ මර්ධනය හාස්‍යයට ලක්කළ නිසාවෙන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසු චෙක් ජාතික නවකතාකරුවන් සහ චිත්‍රපටකරුවන් සෑහෙන පිරිසක් වෙනුවෙන් ආශ්වාදය සැපයූ මෙම විශ්ෂ්ඨ රචකයාට නොබෙල් තෑග්ග දිනාගැනීමට හැකිවුවේ නැහැ.

සමකාලීන හැම චෙක් තරුණයෙක්ම කළ පරිද්දෙන් මුලින් කොමියුනිස්ට් දෘෂ්ටිවාදය තදින් විශ්වාස කළ කුන්දේරා පසුව චෙක් කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට ලක්කළා. කොමියුනිස්ට් පක්ෂය විසින් ඔහුව පක්ෂයෙන් නෙරපා දැම්මේ ඉන් පසුවයි.

මුලින් සමස්තතාවාදී වූ කොමියුනිස්ට් පක්ෂය පසුව 1960 දශකයේ ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පටන්ගත් විට ඔහු ලිවූ The Joke (1967) නවකතාව ලෝකය පුරා ජනප්‍රිය උණා.

නමුත් හැටේ දශකයේ අග කඩාවැදුණු සෝවියට් ආක්‍රමණ හේතුවෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු අතහැරි චෙකොස්ලෝවැකියාව කුන්දේරාගේ සියලු කෘති තහනම් කරනු ලැබුවා.

එතැන් පටන් සෝවියට් අනුග්‍රහය ලද චෙක් කොමියුන්ස්ට් පක්ෂයේ අඩන්තේට්ටම් සහ හිංසනය කුන්දේරා මත මුදාහැරුණා. ඔහුගේ පොත්පත් සියල්ල පුස්තකාල වලින් පිටමං කළා. ඔහුගේ ගුරු වෘත්තීය ඔහුට නැතිවුණා. අන් කිසිවක් පළකිරීමේ නිදහසවත් ඔවුන් ඔහුට දුන්නේ නැහැ. ඔහුගේ දුරකථනයට පවා රහසේ සවන්දුන් කොමියුනිස්ට් පක්ෂය කුන්දේරා දැඩි පීඩනයකට ලක්කළා. ඒ එක්කම ඔහු ගොඩක් නිශ්ශබ්ද වෙන්න තීරණය කළා.

ඉන්පසු ඔහු කළේ මේ සමස්තතාවාදී චෙකොස්ලෝවැකියාවෙන් පිටවීම. පිටව ගොස් පැරීසියේ ජීවිතය ගෙවීම.

කොහොම උනත් ඔහුගේ නිශ්ශබ්ද බව පැරීසියේදීත් ගොඩක් වෙනස් උනේ නැහැ.

හැබැයි ඒ නිශ්ශබ්ද බව එහෙමම තිබ්බට ඔහුගේ නිර්මාණශීලී බව නම් නිශ්ශබ්ද උණේ නැහැ. අපි දන්නා ඔහුගේ හොඳම නිර්මාණ ටික එළියට එන්නේ ඔහු චෙකොස්ලෝවැකියාවෙන් විප්‍රදේශගත උනාට පස්සේ.

රටකින් පිටුවහල් වීමත් බලාගෙන යනකොට නරකම දෙයක් නෙවෙයි. හැබැයි අසහාය නිර්මාණශීලි මනසක් තියන කෙනෙක්ට…

මහේෂ් හපුගොඩ

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...