ඡන්දෙට මුදල් ඉල්ලූ කොමිසමේ ලිපිය රනිල් ළඟට යවයි : මට තනියම උත්තරයක් දෙන්න බෑ – ජනාධිපති

544

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබේ.

පසුගිය 07දා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ මෙම ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මේ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තමන්ගේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ද විවිධ උපක්‍රම යොදමින් සිටී. ඒ අතරින් ආසන්නතම සිදුවීම වූයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොමිසම කැඳවූ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් බව පවසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට සහභාගි නොවීමයි.

එහෙත් එදින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන ආරක්ෂක මණ්ඩල රැස්වීමක සිටින ප්‍රධානීන් දෙදෙනා ම සිටියේ පාර්ලිමේන්තුවේ ය.

සබැඳි පුවත්