මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම බොරුවක් ද ? : ජනාධිපති සහ අගමැති පාර්ලිමේන්තුවේ !

Share post:

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් අද (07) කැඳවූ සාකච්ඡාවට, ඊට අත්‍යවශ්‍ය ම නිලධාරියෙකු වන මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගි වී නැත.

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වීමේ හේතුව ලෙස අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කැඳවන ලද ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වීමයි.

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධාන චරිත දෙකක් වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම රැස්වීම පැවැත්වූ බවට දැනුම් දී ඇති වේලාවේ රැඳීසිටියේ පාර්ලිමේන්තුවේ ය. ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධානත්වය දරන මෙම දෙදෙනා නොමැතිව, එවැනි රැස්වීමක් කැඳවුයේ ද යන්න සහ ඊට බාහිර – විශේෂ අවස්ථාවලදී කැඳවන චරිතයක් ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගි වූයේ ද යන්න ගැටළුවකි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබිණි.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන දිගින්-දිගටම මෙසේ මැතිවරණය කල්දැමීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අයෙකි.

අද (07) රැස්වීමට සහභාගි වූ රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ සඳහන් කරන්නේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත එකන්ගත්වකට පැමිණිය හැකි නම්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවයි. මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා නැවත නිරීක්ෂණය කළ යුතු ව ඇති බවත්, ඒ සඳහා පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව තමන් පොලිස්පතිවරයාට දැනුම් දෙන බවට ඇය පවසයි.

ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධානත්වය ජනාධිපතිවරයා විසින් දරනු ලබන අතර, අගමැති, ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික බුද්ධි අධ්‍යක්ෂ එහි සාමාජිකයෝ වෙති. මීට අමතරව විශේෂ තත්ත්වයන් යටතේ රජයේ ඉහළ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවනු ලබයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...