මාධ්‍ය යන්නේ වෙන පාරක : පොලිස් ඇමති ටිරාන් කැඳෙව්වේ විමර්ශන නිලධාරීන් – කොමසාරිස් අනුමැතිය අවශ්‍ය නෑ !

Share post:

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතර බෙදීමක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

මෙය සත්‍යයක් ද සහ එවැනි කැඳවීමක් සඳහා කොමසාරිස්වරුන්ගේ අනුමැතිය අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් thetime.lk අපි සොයාබැලීමක් කළෙමු.

කොමිෂන් සභාව මගින් සිදුකරන විමර්ශනයක් සඳහා කැඳවන්නේ කවුද යන්න තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් ම විමර්ශන නිලධාරීන් සතු වේ. සම්ප්‍රදායක් ලෙස කොමසාරිස්වරුන්ට මෙම කැඳවීම් පිළිබඳව දැනුම් දුන්නද, ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු පැවසුවේ සාමාන්‍යයෙන් එවැනි දැනුම් දීම්වලට ප්‍රතිචාර නොදක්වන බවයි. ඊට හේතුව විමර්ශන ස්වාධීන ව සිදුකිරීම සඳහා ඉඩ ලබාදීම බව ද එම කොමසාරිස්වරයා පැවසීය.

මෙවැනි කැඳවීම් සඳහා කොමසාරිස්වරුන්ගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවට කොන්දේසියක් තිබුණහොත්, කොමසාරිස්වරුන්ගේ කැමැත්ත දෙයාකාර වන අවස්ථාවලදී විමර්ශන අඩපණ වීමේ ඉඩක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.

කොමිෂන් සභාව අභ්‍යන්තරයෙන් අප කළ සොයාබැලීමේදී මීට පෙර ඌව මහ ඇමති චාමර සම්පත් කැඳවීම ද මීට සමාන බව දැනගන්නට ලැබිණි. ගුරුවරියකට බලපෑම් කිරීමට අදාළ ව ඔහු කොමිෂන් සභාව වෙත කැඳවන ලදි. මහ ඇමතිවරයා සහ කැබිනට් ඇමතිවරයා පරිපාලන ව්‍යූහය තුළ සමාන තත්ත්වයේ සිටින්නන් ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...