ඡන්දය කල් දාන පෙත්සම සලකා බලන්න කලබලයක් නෑ – කර්නල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි : ප්‍රතිඥාව කැඩුණු හැටි කියන්න කොමිසමෙන් මෝසමක් !

Share post:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලමින් යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනු කර තිබූ පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලීම අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරුන් විසින් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම 23දා කැඳවීමට නියමිත ව තිබිණි. එහෙත් මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ 22දා ය. එම් නිසා පෙත්සම අදාළ දිනට පෙර සලකා බලන ලෙස පෙත්සම්කරුගේ පාර්ශ්වයෙන් මෝසමක් ඉදිරිපත් කෙරිණි. එය සලකා බැලීම සඳහා අද කැඳවන ලදි.

තැපැල් ඡන්දය කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නිසා මෝසම අනවශ්‍ය බව ද නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයන් ඇතුළු නවදෙනෙකි. එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවේ.

මේ අතර මැතිරණය පැවැත්වීමට ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මගින් අද (20) පස්වරුවේ හෝ හෙට (21) උදෑසන මෝසමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත ය. මීට පෙර මැතිවරණය පවත්වන බවට කොමිසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබා දී තිබිණි.

එහෙත් රජයේ මුද්‍රණාලය මගින් නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට බාරනොදීම, අනෙකුත් මැතිවරණ වියදම් සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීම ඇතුළු හේතු නිසා මැතිවරණ රාජකාරි තාවකාලිකව අත්හිටුවන බවට කොමිසමෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට ලිඛිත ව දන්වනු ලැබිණි.   

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...