අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී අනුරට කිව්වෙ බොරු : ඇප මුදල් ගැන හපුහින්නගේ ලිපිය කැබිනට් තීරණයක් !

Share post:

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අගමැති සහ රාජ්‍ය පරිපාලන ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ මුළුමනින්ම අසත්‍යයක් බව තහවුරු වේ.

පසුගිය ජනවාරි 17දා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කෙරිණි. ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මෙම ලිපිය ලේකම්වරයා විසින් යවන ලද්දේ කැබිනට් මණ්ඩල නිර්දේශ මත නොවන බවයි. එවැන්නක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ සිදු නොවූ බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

එහෙත් ජනවාරි 10 දින ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියේ සඳහන් වූයේ කැබිනට් මණ්ඩල නිර්දේශ මත මෙම ලිපිය යොමුකරන බවයි. ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමෙන් පසු, එම කොමිසමට ද ඔහු විසින් ඒ බව සඳහන් කර තිබිණි.

Ceylon Today පුවත්පතේ මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන විසින් යොමුකරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍රයක් මගින් අනාවරණය වී ඇත්තේ කැබිනට් මණ්ඩල ලේකම් එම්. කොඩිප්පිලි ආරච්චි විසින් ජනවාරි 10දා මේ පිළිබඳ ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි. එය ජනවාරි 09දා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් බව ද එම දැනුම් දීමේ සඳහන් ය.

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මාධ්‍යවේදියා ලබාගත් තොරතුරු මගින් තහවුරු වන්නේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී මීට අදාළ සාකච්ඡාව ආරම්භ කර ඇති බවයි. ජනවාරි 09 දිනැති කැබිනට් මණ්ඩල වාර්තා අංක 34ට අනුව (Cabinet meeting minutes) ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවක තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එහිදී මැතිවරණය සඳහා මූල්‍ය සම්පත් යොදාගැනීම සහ ඊට ඇති හැකියාවන් සහ බාධා පිළිබඳ සාකච්ඡා කර ඇත. ඉන්පසු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඇප මුදල් බාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් හපුහින්නට දැනුම්දීමට ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් ලිපිය ජනාධිපති ලේකම්වරයාට, අගමැති ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යංශයට සහ නිතිපතිවරයාට පිටපත් සහිතව යොමුකර ඇතැයි ද අදාළ තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...