මන්ත්‍රීවරු 225ම කිව්වත් ඡන්දය කල්දාන්න රනිල්ට බෑ : කොමිසම වැරදි නම් උසාවි යන්න පුළුවන් – අනුර : තීරණය 03දා – කොමිසම

Share post:

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැතිවරණය සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම්, එය අධිකරණය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් බව ද ඔහු සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව නීත්‍යනුකූල නොවන ආකාරයට කටයුතු කර තිබේ නම්, ජනාධිපතිවරයාට අධිකරණයට ගොස් ඊට අදාළ තීන්දුවක් ලබාගත හැකි බව ද අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටී.

‘ජනවාරි පස්වැනිදා මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කළා. කොමිසම නාමයෝජනා සහ ඇප මුදල් බාරගත්තා. ජනවාරි 21 වැනිදා මැතිවරණ දිනය සහ තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත්කළා. මැතිවරණ කොමිසම කියන්නෙ මේ සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලයි සහ නිත්‍යනුකූලයි කියලා. නියමිත පරිදි ගැසට් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බොරු කිව්වෙ තමන්ගේ වැඩේ කරගන්න.’

ඡන්දෙ කල්දාන්න ඉල්ලුවද?

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මැතිවරණය කල්දමන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ද පෙරේදා (23) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් 225ම ලිඛිතව ඉල්ලා සිටියත්, මැතිවරණය කල්දැමීමේ බලය ජනාධිපතිවරයාට නොමැති බවයි. ඒ පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බව ද ඔහු සඳහන් කළේය.

අධිකරණයෙන් බාධාවක් නෑ !

අධිකරණය මගින් මැතිවරණයට කිසිදු බාධාවක් එල්ල කර නැති බව ද අවධාරණය කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමන පරාජයට පත්කිරීමට ඉදිරියට එන ලෙස සියලු දේශපාලන පක්ෂ ප්‍රමුඛ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොමිසමේ නිවේදනය !

පවතින තත්ත්වය යටතේ පාලනය කළ නොහැකි හේතු මත මාර්තු 09දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත්, එම මැතිවරණය පවත්වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ලබන 03දා දැනුම් දෙන බවත් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...