පුංචි ඡන්දය : සජබයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Share post:

එළැඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීම නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණයට සඳහා මුදල් ලබා නොදීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඊයේ (පෙබ. 21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

2023 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වෙන්කර තිබියදීත්, පලාත් පාලන මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා නොදීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව අදල පෙත්සමෙන් පෙන්වාදෙයි.

එමෙන්ම 2023 පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ක්‍රියාකාරකම් අය-වැය ඇස්තමේන්තු මගින් වෙන් කරන ලද මුදල් ලබා නොදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු ඉල්ලා සිටියේ ය.

අදාල පෙත්සම මගින් මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම්, මැතිවරණ කොමසාරිස් ජනරාල්, සහ නීතිපතිවරයා ඇතුළු නවදෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...