“ජීවිතේ අවසාන හුස්ම අදිමින් ඉද්දි මේ මගේ අවසාන නර්ථනය කියලා හිතාගෙන නැටුවා”

Share post:

මේ ශිවා. අපි ඊයේ වලයර්මඩම් වෙරළට ගියා. අර පසුබිමේ පේන්නේ වලයර්මඩම් පල්ලිය. ඒක වෙනම කථාවක්. ශිවා කියන විදියට… “යුද්දේ අන්තිම දවස් තුනේ අපි ලක්සයක් විතර හිරවෙලා හිටියේ මේ මුහුදු තීරයේ. දෙපැත්තෙම කට්ටිය අහසින් පොළොවෙන් මුහුදින් අපි ඉන්න ඉසව්වට පහර දෙනවා. මිනිස්සු බංකර් ඇතුලේ හිරවෙලා. ජීවිතේ අවසාන හුස්ම අදිමින් සිටියා. මම තෙල් වලින් වැඩකරන පොඩි ජෙනියකට ස්පීකර් එකක් හයි කරලා හයියෙන් සිංදු දාලා නැටුවා. මිනිස්සු මට පරැස වචනයෙන් බැන්නා. ඒ වුනාට මං නෙවෙයි නතර වුනේ. මේ මගේ අවසාන නර්ථනය කියලා හිතාගෙන නැටුවා”

මම මගේ අවසාන වාර්තා චිත්රපටිය රෑපගත කරමින් විශ්වමඩු, පුචුකුඩුඉරයිප්පු, පුදුමාතලන්, නන්දිකඩාල් පැත්තේ යුද්ධයේ ඇටසැකිලි අතර සැරිසරනවා. මට හරි වෙහෙසක් දැනෙනවා. විශ්රාම වයසේ මට එහෙම වෙහෙස දැනෙන එක සාධාරණයි. තවත් නං මේ වාගේ No budget බර වැඩවලට අත ගහන්නේ නැහැ. ඒක සත්තයි. ඒ වුනාට මේ සුන්දර මිනිසුන් සොයා රස්තියාදුවේ යන ගමන් නවත්තන්නේ නැහැ. මම මැරෙණකල්ම ලියනවා.

සිම්පල් සයිමන්

(විෂ්ණු වාසු)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...