අන්තර්ජාලය නව්‍යමය සිනමාව කියවීම
මෑතකාලීන ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් සම්භාවනාවට හා විචාරක පාර්ශ්වයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ සම්මානනීය ඉරාක චිත්‍රපටයකි, The President’s Cake – 2025. මෙය තිර රචනය කොට අධ්‍යක්ෂනය කර ඇත්තේ වනුයේ ඉරක ජාතික සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන හසන් හඩී ( Hasan Hadi ) විසිනි.
English Title : The President's Cake
Arabicمملكة القصب
Directed by Hasan Hadi
Written by Hasan Hadi
Produced byLeah Chen Baker
Starring
Baneen Ahmad Nayyef
Sajad Mohamad Qasem
Waheed Thabet Khreibat
Rahim AlHaj
Cinematography
Tudor Vladimir Panduru
Edited byAndu Radu
Production Companies
Maiden Voyage Pictures
Working Barn Productions
Spark Features
Missing Piece Films
Distributed by
Film Clinic
Indie Distribution (Iraq and Qatar)
Sony Pictures Classics (United States)
Release Dates
May 16, 2025 (Cannes)
February 6, 2026 (United States)
Running Time :105 minutes
Countries
Iraq 🇮🇶
Qatar 🇶🇦
United States 🇺🇸
Language : Arabic (Iraqi dialect)
Box office : $2 million
කතා පසුබිම :
ඒ අනූව දශකය යි. ඉරාකය හිටපු ඒකාධිපති සදාම් හුසේන් ගේ ( Saddam Saddam Hussein 1937–2006 ) ඒකාධිපති පාලනය යටතේ කුවේට් දේශය ( Kuwait 🇰🇼 ) ආක්‍රමණය කිරීමට ඉරාක ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වන කාලවකවානුව යි. එහෙයින් ඉරාකයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට විසින් තරයේ අවවාද කොට දැඩි සම්-බාධක පනවා තිබේ. ඉරාක ආර්ථිකය ද බරපතල අභියෝගයකට මුහුණදී ඇති අතර ජන – ජීවිතයට ද එය තදින්ම බලපා ඇත්තේ ය.
ඉරාක සිවිල් වැසියන්ට එක අතිකින් ඒකාධිපති දේශපාලනයට ද තවත් අතිකින් විදෙස් සම්බාධකවලට ද මුහුණදීමට සිදුව ඇත්තේ ය. මේ කාරණා දෙකටම මැදිවූ ඔවුහු ඉතා අසීරුවෙන් තම දෛනික ජීවිතය ගැටගසාගන්නට වූහ. බෝහෝ අවස්ථාවන්හි දී ඔවුහු තම තමන්ගේ වටීනා භාණ්ඩ කුනුකොල්ලයට විකුණා දමමින් තම දෛනික ආහාර වේල යාන්තමින් හෝ සපයා ගැනීමට උත්සුක වූහ.
ඉරාකයේ එක්තරා ගංගා ආශ්‍රිත ප්‍රදේශයකි. ගංගාව කේන්ද්‍රගතව එහි ජනතාව තම තමන්ගේ දෛනික ක්‍රියාවළිය කරගෙන යන්නේ ය. මෙම ගම්මානයේ එක්තරා ගෝත්‍රයකින් පැවත එන දුගී ජන සමූහයක් වාසය කරයි. මොවුන් දෛනික තම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගන්නේ එගොඩ ගොඩ සිට මෙගොඩ ගොඩටත් / මෙගොඩ ගොඩ සිට එගොඩ ගොඩටත් ඔරුවලින් ගමන් කිරීමෙනි. දරුවන් දෛනික පාසැල් යන්නේ – එන්නේ ද ඔරු භාවිතා කරමිනි. ගම්මුන්ට තම ආසන නගරයට යෑමට අවශ්‍ය නම් ඔරුවෙන් මෙගොඩ ගොඩ සිට එගොඩ ගොඩට ගොස් එතැනින් කිනම් හෝ පාරේ යන වාහනයක නැගීසැලකිය යුතු දුරක් ගෙවා යායුතුව තිබේ.
මෙම ගම්මානයේ තම මිත්තනිය සමගින් ජීවත්වන අවුරුදු නමයක හෝ දහයක හුරුබුහුටි දියණියකි. ඇයගේ සුරතලා වනුයේ නාබර කුකුලෙකි. ඇය පාසැල්වලට හැර තමු යන සෑම තැනකටම තම සුරතලා වූ කුකුළා රැගෙන යන්නට අමතක නොකරයි.
මෙම කුඩා දියණිය හා අත්තම්මා වටා කේන්ද්‍රගතව The President’s Cake චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ය.

විවරණය:
චිත්‍රපට යනු ජීවිතය හා සමාජ පිළිබඳව අපූරු අර්ථ විවරණයකැයි මට සිතේ. එක අතකින් සමාජය හා ජන ජීවිතය සමගින් චිත්‍රපට සමගින් නිරන්තරයෙන්ම බැදී පවතින්නකි. එසේ වීමට හේතුව නම් සමාජයේ හා ජන ජීවිතයේ විවිධ තත්ත්වයන් හා ඒවායේ සියුම් උච්චාවචනයන් චිත්‍රපට මගින්
නිරූපණය වීමයි. මෙම කාරණාව තවදුරටත් විග්‍රහ කරන්නේ නම් , චිත්‍රපට ඇසුරෙන් සාකච්ඡාවට හා විවරණයට ලක්වන සමාජයේ ගැඹුරු චින්තාව මිනිසාට රූපය හා භාෂාව ආශ්‍රයෙන් ඉතා ක්ෂණිකව හා ශක්තිමත්ව එසේම සවිඥානිකව ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. එසේ වෙත්ද එමගින් මිනිසාට තම ජීවන චින්තාව ගැඹුරින් නිර්මාණය කරගැනීම වෙසෙසින්ම මහෝපකාරී වනු ඇත.
මවිසින් ඉහත සදහන් කරන ලද සිනමාව හා සමාජය අරබයා වූ න්‍යායාත්මක ප්‍රවේශයට අප මෙහිලා කතාබහ කරන The President’s Cake චිත්‍රපට හොදම උදාහරණයකැයි කියා හදුන්වාදීමට පුලුවනි.
The President’s Chief චිත්‍රපටය ඉරාක පශ්චාත් අරගල සමයට ( Post Iraq Revolutionary Period ) අයත් චිත්‍රපටයකි. එමගින් සාකච්ඡාවට බදුන්වන ඉරාක දේශපාලන, සාමාජීය හා සංස්කෘතික කරුණු කාරණා ප්‍රේක්ෂකාගාරයට සංවේව හා තුලනාත්මකව එදෙස බැලීමට කදිම කැඩපතක් නිර්මාණය කරදෙන්නේ ය. එය තවත් අතකින් සමස්ත ඉරාකය පිළිබඳව තුලනාත්මකව අධ්‍යනයක් ද වන්නේ ය.
මෙම ශූර අධ්‍යක්ෂකවරයා තම චිත්‍රපට තේමාව ( A Film Thame ) කොතරම් නිවැරදි ආකාරයට ස්පර්ශ කර තිබේද එය තමාගේ සිනමාත්මකව දර්ශනයට ( A Cinematic Vision ) අනුගතව කොතරම් සියුම් හා ප්‍රබල ආකාරයට ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරනවාද යන්න දැකියා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම The President’s Cake චිත්‍රපට නැරඹීම යුතුම වන්නේ ය.
The President’s Cake චිත්‍රපටය චිත්‍රපට අන්තර්ගතය ( Film Content ) – ආඛ්‍යානය ( Film Narrative ) – චිත්‍රපටයේ ආකෘතිය ( Film Form ) යනාදිය අතර වූ වෙනස්කම් ඉතා පැහැදිලිව පෙන්වාදෙන චිත්‍රපටයක් ද වන්නේ ය. මුළු චිත්‍රපට එකම රිද්මයකට අනුව ආරම්භයේ සිට අවසානය දක්වාම ගලාගෙන යන්නේ ය. එහෙයින් චිත්‍රපටය තුළින් තම දෙනෙත් මඳකට හෝ ඉවතට ගැනීමට ප්‍රේක්ෂකාගාරයට අධ්‍යක්ෂකවරයා විසින් කිසිවිටෙක අවස්ථාව නොදෙයි. එහෙයින් චිත්‍රපටයේ තේමාව කිසිවිටෙක ප්‍රේක්ෂකාගාරයෙන් අවසානය දක්වාම බිඳී නොයන්නේ ය.

සම්මානනීය කැමරා අධ්‍යක්ෂක
The President’s Cake මා දකින තවත් සුවිශේෂ කාරණය නම් එහි සිනමාකැමරාකරණය ( Cinematography / DOP Work ) යි. මෙහි කැමරාකරණය රුමේනියානු ජාතික සම්මානනීය කැමරා අධ්‍යක්ෂක ටුඩර් වැලැඩමීර් පන්ඩුරු ( Tudor Vladimir Panduru ) විසින් සිදුකරයි. එය මා පසුගිය වසරේ යුරෝපීය චිත්‍රපටවලට පරිභාහිරව දුටු විශිෂ්ටතම කැමරාකරණය බව විශේෂයෙන්ම සදහන් කරනු වටී. එසේම චිත්‍රපටයි වර්ණ සරණිය චිත්‍රපටයේ තේමවා ප්‍රේක්ෂකාගාරය තුළ විචිත්‍රණය කරනු පිණිස කොතරම්දුරට ඉවහල් වී ඇත්ද චිත්‍රපටය නරඹන ඕනෑම අයකුට අමුතුවෙන් සදහන් කිරීමට අවශ්‍ය නැත. එය සිත්තරකු තම පින්සලෙන් කැන්වසය මත වර්ණ විචිත්‍රත්වය කරනවා වැනිය . මෙම විශිෂ්ට කැමරාකරණය වෙනුවෙන් 82 වැනි කාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ( 82th Cannes International Film Festival -2025 ) දී වසරේ විශිෂ්ටතම කැමරාකරණය පිරිනමන Caméra d’Or – ත්‍යාගය හිමිවිම කදිම උදාහරණයකැයි මට සිතේ. මෙරට සෑම චිත්‍රපට කැමරා අධ්‍යක්ෂකවරයකු විසින්ම අධ්‍යනය කළ යුතු විශිෂ්ට සිනමා ඡායාරූපකරණයකැයි සදහන් කළ යුතුය.
The President’s Cake චිත්‍රපටයේ පසුබිම් සංගීතය පිළිබඳව සදහන් නොකරන්නේ නම් මෙම විචාර සටහන සම්පූර්ණ නොවනු ඇත. මෙහි පසුබිම් සංගීතය සදහා යොදාගෙන ඇත්තේ පුරාතන පර්සියානු සම්භාව්‍ය සංගීතය ( Ancient Persian Classical Music 🎶 ) බව කිවයුතුය. එහි එන සංගීතය ඛණ්ඩ චිත්‍රපටයේ ඒ ඒ ජවනිකාවල ප්‍රබලත්වය තිවුර කිරීමටත් එය ප්‍රේක්ෂකාගාරය තුළ නින්නාද දෙන්නට වෙසෙසින්ම උපස්ථම්භක වී ඇතිබව කිවයුතුය.
The President’s Cake චිත්‍රපටය පුරාම විවිධ ස්ථානවල බිත්තිවල ඇඳ තිබෙන හා රාමුකර එල්ලා තිබෙන සදාම් හුසේන්ගේ රූප දැකිය හැකිය. පාසැලේ
සෑම පංති කාමරයකම බිත්තියක් මත සදාම් හුසේන්ගේ ඡායාරූප එල්ලා ඇති අතර පංති කාමරවල කළු ලෑල්ට උඩ ද ඔහුගේ ඡායාරූපයක් එල්ලා ඇත්තේ ය.
එමගින් අධ්‍යක්ෂවරයා ඉතා සිහින්ව සදාම් හුසේන්ගේ ඒකාධිපතිත්වය ඉරාක සමාජයේ සෑම ස්ථිරයකටම කොතරම්දුරට බලපෑම් කරන්නේ ද යන්න ප්‍රශ්න කරනු ලැබේ.
The President’s Cake චිත්‍රපටයේ අති – ප්‍රබල දේශපාලන විවරණයක් පිළිබඳව සදහන් කළ යුතුම ය. එනම් ඒ දැරිය උදෑසන පාසැල් ගේට්ටුවෙන් ඇතුළු වත්ම තම දෙනෙත් මානයේ පිහිටා තිබෙන පංති-කාමර ගොඩනැගිල්ලක් තැනින් තැන වෙඩි සළකුණු සහිත බිත්තියකි . එමත පිරිමි ළමුන් දෙදෙනකු විසින් ගීතයක් ගායනා කරමින් සදාම් හුසේගේ ඇඳි සිතුවම් දෙකක් නැවත පාට කරනු ලැබේ. මෙය චිත්‍රපටයේ ඇති අතිශයින්ම ප්‍රබලතම දේශපාලන ප්‍රකාශය යැයි බොහෝ විචාරකයන්ගේ මතය යි. එමගින් සදාම් හුසේන්ගේ ඒකාධිපතිත්වය ළමා මනසට කොතරම්දුරට ඒත්තුගන්වා ඇත්ද යන්න අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කරයි.
ඊලගට මගේ විශේෂ අවධානය යොමු වූයේ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන දෙසට ය. මැය නමින් ඉරාන ජාතික බැනීන් අහමඩ් නයෆ් ( Baneen Ahmad Nayyef ) ය. මැය මුලු චිත්‍රපටයම කිසියම් රංගන රිද්මයට අනුව ඉදිරියට අරගෙන යන්නේ ය. කිනම් හෝ තැනක දී මැයගේ රංගන රිද්මය කැඩෙත්ද එතැනින් චිත්‍රපටය සමස්ත රිද්මය ද කැඩෙන බව කිවයුතුය. දැරිය ඊට කිසිවිටෙක ඉඩ නොතබයි. මැය සෑම මොහොතකම ප්‍රේක්ෂකාගාරය තමුන්ගේ ග්‍රහණයෙන් ඉවත් නොවීමට වගබලා ගැනීම විශේෂ කාරණාවකි. 82 වැනි කාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ පූරිය සභාව විසින් මැය කැදවා තම රංගනය පිළිබඳව පැයකට ආසන්න වේලාවක් විවිධාකාරයයෙන් කතාබහ කර ඇත්තේ ය. ඒ තරමටම මැයගේ රංගනය සුවිශේෂ වූවකි .
The President’s Cake චිත්‍රපටය ගෝලීය ප්‍රේක්ෂකාගාරයට ඉරාන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ මජිඩ් මජීඩි ගේ ( Majid Majidi :1959 ) Children of Heaven – 1997 / The Colour Paradise – 1999 යනාදී සම්මානනීය චිත්‍රපටල සිනමා ශෛලිය සිහිකැඳවනු ඇත. මා ද ඉන් කෙනෙකි.
එසේ වුවද මෙහි අධ්‍යක්ෂකවරයා මජීඩ් මජීඩි ට වඩා වෙසෙසින්ම වෙනස් වනුයේ ඔහුගේ ඉතා ප්‍රබල සිනමාත්මක දේශපාලන විවරණ ශෛලිය නිසාවෙනි.
The President’s Cake චිත්‍රපටයේ බොහෝ දර්ශනවලින් අධ්‍යක්ෂකවරයා වෙහෙසී ඇත්තේ මිනිසුන් අතර වූ සමීපතම සහසම්බන්ධතාවයන් කොතරම්දුරට වැදගත් ද යන්න ඉස්මතු කර පෙන්වීමට ය. ඊට අහම්බෙන් මෙන් හමුවන වෙළදපොළක සිටි ගැබිනි මාතෘකාවක් ඇයගේ දරු-ප්‍රසූතිය පිණිස රෝහල්ගත කිරීමට ඇයගේ ස්වාමියා ( වෙළද ව්‍යාපාරිකයා ) සමගින් කාර් එකේ නැගී දැරිය ( තම මිතුරාද කැටුව ) යන අවස්ථාව කදිම උදාණයකැයි කියා පෙන්වාදිය හැකිය. චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා පුලුල් ජීවන දෘෂ්ටියක් ඉස්මතු කර පෙන්වීමට අධ්‍යක්ෂකවරයා නිබඳවම වෙහෙස දරා ඇත්තේ ය. එය The President’s Cake චිත්‍රපටයේ ජීවගුණයේ ඇති වැදගත්ම කාරණාව බව මගේ පෞද්ගලික කල්පනාව යි.
ජාත්‍යන්තර සිනමාව පිළිබඳව කතාබහ කරන කල්හි “ශුද්‍ර සිනමාව” ( Pro Cinema ) යන මාතෘකාව මෙරටට මුලුමනින්ම ආගන්තුක වුවද අතිශයින්ම වැදගත් හා පුළුල් මාතෘකාවක් වන්නේ ය. The President’s Chief චිත්‍රපටය මා ශුද්‍ර සිනමාව යන රාමුවට ඇතුළුත් කරනුයේ
ඒ ශුද්‍ර සිනමාත්මකව කරුණු කාරණා රාශියක්ම ගැබ් ඇති බැවිනි.
The President’s Cake චිත්‍රපටය ගෝලීය විචාරකයන්ගේ හා මගේ පෞද්ගලික කියවීමට අනුව පශ්චාත් විප්ලවීය ඉරාක සිනමාවේ හැරවුම් ලක්ෂය වන්නේ ය. එය ඒ තරමටම සුවිශේෂී චිත්‍රපටයක් වන අතර ඉදිරියේ දී තවත් මෙවන්ම වූ සුවිශේෂී අනන්‍යතාවයන් සහිත තවත් චිත්‍රපට ඉරාක සිනමාවෙන් ගෝලීය ප්‍රේක්ෂකාගාරයට නැරඹීමට අවකාශ සැලසෙනු මගේ පෞද්ගලික විශ්වාසය යි.
International Nominees and Awards :
The film had its world premiere at the Directors’ Fortnight section of the 2025 Cannes Film Festival on May 16, 2025, where it won the section’s Audience Award and the Caméra d’Or. It was selected as the Iraqi entry for Best International Feature Film at the 98th Academy Awards, making the December shortlist. It was released in the United States by Sony Pictures Classics on February 6, 2026.
Film Category :
විශේෂ සටහන :
මගේ පෞද්ගලික කල්පනාවට අනුව තවත් “උපන්ගෙයි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු” ( A Born Director ) ගෝලීය සිනමාවට බිහිවී ඇත්තේ ය. එනම් ඒ The President’s Cake චිත්‍රපටයේ අධ්‍යක්ෂ හසන් හඩී ය.
The President’s Cake චිත්‍රපටය ඔබේ උසස් කලා රසවින්දනය පිළිබඳව මෙසේ හදුන්වාදීමට මා වෙසෙසින්ම උත්සුක වනුයේ යුරෝපීය සිනමාවෙන් බැහැරව සිනමාත්මක ජීවගුණයෙන් අනූන විශිෂ්ට චිත්‍රපට නිර්මාණය වනබව උදාහරණ සහිතව සහෘද ඔබට හදුන්වාදෙනු පිණිසයැ. එසේ වී නම් The President’s Chief චිත්‍රපටය ඉතා නුදුරේදීම ඔබේ රසවින්දනයට එක්වනු ඇතැයි යන්න මගේ විශ්වාසය යි.
විප්ලවීය ඉරාක සිනමාවේ ගෝලීය ආමන්ත්‍රණය කෙබඳුද ? ඊට පිළිතුර ඔබට The President’s Cake චිත්‍රපටය නැරඹීමෙන් සපයා ගැනීමට හැකිවනු ඇත.
