සුද්දයියා…..

Share post:

ඇතුගල උඩින් වැටුනම අගහිඟ වැස්ස
ඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්ස
කොළඹට ගෙනත් මා ඇරලූ පොද වැස්ස
සුද්දයියගේ ඇත්තම නම පියතිස්ස

රා පොළ අවට හැමදාමත් අඬ දබර
අම්මා ලියා එව්වා මැසිවිලි නිතර
පෙම්දම් ලිහී වියැලුණු කළ දිවි කතර
හිච්චිත් ගියා යන්නට දීගය අතැර

බිත්තිය පුරා අදිමින් නෙක කුරුටු බලී
සිහිවෙයි එකල අම්බලමේ කියපු කවී
මණ්ඩප පුරා ඇසුණ ද අගනුවර කවී
නුඹ කී කවක් තවමත් හමුවෙලා නැතී

ඉල් මහ අකුණු වෙල් මැද පුපුරනවාලූ
ඇළ දොළ වැටී වැව ගැබ්බර වෙනවාලූ
පැන්නුම අසල ලූලෙක් නවතිනවාලූ
උඹෙ ඇම නැතුව උගෙ බඩ,කට දනවාලූ

කැරකොප්පුවේ ඉස්මුදුනින් දුරුතු සඳ
තල් අතු දිගේ රූරාගෙන හැලෙනවද
තල් රා පුසුඹ සඳ එළියෙත් දැනෙනවද
මැදියම බිදෙන් බිද තොල කට තෙමනවද

හොල්මන් අඳුර පැලපදියම් මහ බැද්දේ
කළුවර ඉරයි උළමෙක් ගෙනියන යුද්දේ
තරු එළි වැටී මියැදෙන විට වැව මැද්දේ
තාමත් ඇහෙයි කෙකටිය නැගිටින සද්දේ

චින්තක සමන්

පින්තූරය අන්තර්ජාලයෙන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...