බ්‍රිතාන්‍යය : සීට් බෙල්ට් නොදැමූ අගමැතිට දඩයක් : සමාවෙන්න, මම වරද පිළිගන්නවා – අගමැති

Share post:

මෝටර් රථයක ගමන් කිරීමේදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට පොලිසිය විසින් දඩ නියම කර තිබේ.

සිය මෝටර් රථය ධාවනය වෙමින් තිබියදී ඔහු විසින් එහි පිටුපස අසුනේ සිට තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම සඳහා වීඩියෝවක් රූගත කර මුදා හැර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු ආසන පටි නොපැළඳ සිටි බවට අදාළ වීඩියෝවේ රූප රාමුවලින් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනය  කළ එරට ලැන්කැෂයර් පොලීසිය පැවසුවේ නීති උල්ලංඝනය කළ අග්‍රාමාත්‍යවරයාට කොන්දේසි සහිත දඩයක් නියම කළ බවයි.  

‘සමාවෙන්මෙන. මෙය වැරැද්දක්. මම එය සම්පූර්ණයෙන්ම පිළිගන්නවා, ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ආසන පටි පළඳින ලෙස.’

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්  සමාව ඉල්ලා ඇති අතර, අදාළ වීඩියෝව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉවත් කර තිබේ.  

විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට එරට රථවාහන නීතිය අනුව, ආසන පටි නොපැළඳ, ධාවනයේ යෙදෙන ඕනෑම රියදුරෙකු හෝ මගියෙකු පවුම් 500 දක්වා දඩයකට යටත් වේ. 

මීට පෙර ද කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පනවා තිබූ ලොක්ඩවුන් නීති කඩකිරීම හේතුවෙන් ඔහු චෝදනාවට ලක් විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...