බ්‍රිතාන්‍යය : සීට් බෙල්ට් නොදැමූ අගමැතිට දඩයක් : සමාවෙන්න, මම වරද පිළිගන්නවා – අගමැති

Share post:

මෝටර් රථයක ගමන් කිරීමේදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට පොලිසිය විසින් දඩ නියම කර තිබේ.

සිය මෝටර් රථය ධාවනය වෙමින් තිබියදී ඔහු විසින් එහි පිටුපස අසුනේ සිට තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම සඳහා වීඩියෝවක් රූගත කර මුදා හැර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු ආසන පටි නොපැළඳ සිටි බවට අදාළ වීඩියෝවේ රූප රාමුවලින් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනය  කළ එරට ලැන්කැෂයර් පොලීසිය පැවසුවේ නීති උල්ලංඝනය කළ අග්‍රාමාත්‍යවරයාට කොන්දේසි සහිත දඩයක් නියම කළ බවයි.  

‘සමාවෙන්මෙන. මෙය වැරැද්දක්. මම එය සම්පූර්ණයෙන්ම පිළිගන්නවා, ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ආසන පටි පළඳින ලෙස.’

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්  සමාව ඉල්ලා ඇති අතර, අදාළ වීඩියෝව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉවත් කර තිබේ.  

විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට එරට රථවාහන නීතිය අනුව, ආසන පටි නොපැළඳ, ධාවනයේ යෙදෙන ඕනෑම රියදුරෙකු හෝ මගියෙකු පවුම් 500 දක්වා දඩයකට යටත් වේ. 

මීට පෙර ද කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පනවා තිබූ ලොක්ඩවුන් නීති කඩකිරීම හේතුවෙන් ඔහු චෝදනාවට ලක් විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...