මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

Share post:

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.
අනිත් පැත්තෙන් ලෝකයේ මෙච්චර කාලයකට අභ්‍යවකාශයට ගිය ගමන්වලින් වැඩිම දුර (සැතපුම් 248,655) ගමන් කරපු ගමන සිද්ධ වෙනවා (Artemis II) ඒ රට ඇතුළෙන්ම. ඒ අභ්‍යවකාශ යානයේ ඉන්න නියමුවන්ගෙන් කෙනෙක් වුණ Jeremy Hansen, NASA එකත් එක්ක කතා කරන මොහොතෙ අහනවා එයාලගෙ Commander වුණ Reidගෙ මියගිය බිරිඳගෙ නමින් එයාලා හඳේ දකිමින් ඉන්න මීට කළින් හඳුනා නොගත් ආවාටයක් (crater) නම් කරන්න පුළුවන්ද කියලා.

කැරොල් 2020 මියයන්නෙ පිළිකාවත් එක්ක අවුරුදු පහක් පුරා කෙරුණු සටනකට පස්සෙයි. මරණයට පෙර කැරොල් සහ රීඩ් අවුරුදු 17ක් එකට ගෙවලා තිබුණා.

NASA එකත් එක්ක වුණ ඒ සංවාදය යන්නෙ මෙහෙමයි.
Hansen (බිඳුණු එහෙත් තිර හඬකින්): අවුරුදු ගාණකට කළින් අපි මේ ගමන, එකට බැඳුණු පවුලක් විදිහටයි ආරම්භ කරේ. අපිට අපේ කෙනෙක්ව නැති වුණා මේ ගමනෙ අතරමැදදි. අපිට මේ මොහොතෙ චන්ද්‍රයා මත පේනවා එක පැහැදිලි ස්ථානයක්. ඒක තියෙන්නෙ සීමාවට ආසන්නයෙන්. ඒ නිසා යම් යම් කාලවලදි පෘථිවියේ ඉඳන් බලද්දි මේ තැන අපිට පෙනේවී.

මම කිව්වා වගේ, අපිට අපේ කෙනෙක්ව අහිමි වුණා මේ ගමනට කළින්. එයාගෙ නම කැරොල්. ඒ අපේ රීඩ්ගෙ බිරිඳ. කේටි සහ එලීගෙ අම්මා….. අපි කැමතියි අපි නීරීක්ෂණය කරපු මේ දීප්තිමත් ස්ථානය කැරොල්ගෙ නමින් නම් කරන්න.”
මේ කොටසින් පස්සෙ තත්පර 45ක නිහඬතාවයක් යානය තුළත්, නාසා ආයතනය තුළත් දැකගන්න පුළුවන් ( යූ ටියුබ් එකේ සම්පූර්ණ වීඩීයෝව තියෙනවා). ඒ කාලය ඇතුළත මේ නියමුවන් සහ නියමුවරිය එකිනෙකාව වැළඳගෙන අඬනවා අපිට පේනවා. ඔවුන් ඔවුන්ගෙ කමාන්ඩර්ව (කැරොල්ගෙ සැමියව) වැළඳගෙන අඬනවා.

ඊටපස්සෙ අපිට නාසා ආයතනයෙන් ජෙනී ගිබන්ස්ගෙ හඬ ඇහෙනවා. ඇය තහවුරු කරනවා නාසා ආයතනය විසින් මේ කණ්ඩායම සොයාගත් ස්ථාන දෙක, ඔවුන්ගේ ඉල්ලීම පරිදි නම් කරපු බවට.

CapCom Jenny Gibbons replied: “Integrity and Carroll Crater. Loud and clear. Thank you.”
සැබෑ පිරිමියෙක්, හෝ ඇල්ෆා මේල් කෙනෙක් වෙන හැටි නිතර කතාවෙන ලෝකයක, අභ්‍යවකාශයට ගිය කණ්ඩායමක පිරිමි කිහිපදෙනෙක් සහ ගැහැනියක් මුලින්ම කරන්නෙ තමන් ආදරය කරපු ගැහැනියව සහ මිතුරියව අහිමි වීමේ වේදනාව සලකුණු කරන එක. ආදරය සහ මිත්‍රත්වය හඳ මත සලකුණු කරන එක.
මේක තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය.

ෂෙනු පෙරේරා(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...