20 – 20 මූල්‍ය අවභාවිතා වාර්තාව නීතිපතිගෙන් ක්‍රීඩා ඇමතිට : අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් මතු ඇති චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව  නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන  අද (20) අභියාචනාධිරණයට දැනුම් දී තිබේ. 

එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම්දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ (19) දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු පැවසීය.

අදාළ කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනු කළ පෙත්සම අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදී  අතිරේක සොලිස්ටර් ජනරාල්  මේ බව අධිකරණය හමුවේ පවසා ඇත.  

ඒ අනුව අදාළ පෙත්සම යළි පෙබරවාරි මස 01 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාල විමර්ශන කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන දැරූ අතර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

සබැඳි පුවත්

ක්‍රිකට් කමිටු වාර්තාව එළියට – බෝන් අගේන් ක්‍රිකට්වලින් ඈත් කරන්න – නිර්දේශ ගණනාවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරයි ද?

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...