ජනවාරියට අලුත් පොතක් ‘සකුලු සිහිනයක සමළ සංතාපය’

Share post:

‘සකුලු සිහිනයක සමළ සංතාපය’ | පරිවර්තනය – රශ්මික මණ්ඩාවල

2019 වසරේ දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානයෙන් ද පිදුම් ලැබූ, ඔස්ට්‍රියානු නවකතාකරුවකු මෙන්ම නාට්‍ය රචකයකු වූ Peter Handke විසින් විරචිත, 1971 වසරේ දී සියදිවි නසා ගත් ඔහුගේ මව වූ Maria ගේ ජීවිතය ගැන ලියැවුණු, ඇගේ චරිතාපදාන නවකතාවේ සිංහල පරිවර්තනය…

“අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය ‘ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳී සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළී රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.”
නිකුත් වීම – 2023 – ජනවාරි 29

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...