ජනවාරියට අලුත් පොතක් ‘සකුලු සිහිනයක සමළ සංතාපය’

Share post:

‘සකුලු සිහිනයක සමළ සංතාපය’ | පරිවර්තනය – රශ්මික මණ්ඩාවල

2019 වසරේ දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානයෙන් ද පිදුම් ලැබූ, ඔස්ට්‍රියානු නවකතාකරුවකු මෙන්ම නාට්‍ය රචකයකු වූ Peter Handke විසින් විරචිත, 1971 වසරේ දී සියදිවි නසා ගත් ඔහුගේ මව වූ Maria ගේ ජීවිතය ගැන ලියැවුණු, ඇගේ චරිතාපදාන නවකතාවේ සිංහල පරිවර්තනය…

“අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය ‘ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳී සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළී රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.”
නිකුත් වීම – 2023 – ජනවාරි 29

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...