හැරීගේ “Spare” කෘතියට වාර්තාගත අලෙවියක්

Share post:

හැරී කුමරුගේ මතක ඇතුලත් “Spare” කෘතිය එළිදැක්වූ පළමු දිනයේදී වාර්තාගත අයුරින් පිටපත් මිලියන 1.4කට වඩා අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෘතියෙහි අන්තර්ගතයන් හේතුවෙන් එය එළිදැක්වීමටත් දින ගණනාවකට පෙර ඊට ජාත්‍යන්තර අවධානය හිමිවිය.

ගාඩියන් පුවත්පත වාර්තා කළ අන්දමට කෘතිය එළිදැක්වීමට පෙර එහි පිටපතක් ගාඩියන් පුවත්පත දැක ඇත.

පසුව ගාඩියන් පුවත්පත එහි අන්තර්ගත සිද්ධි කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

ඒ අනුව හැරී කුමරුගේ බිරිඳ මෙගන් මාක්ල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර හැරීට සිය වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදී ඇත.

එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවද අදාල කෘතියෙහි සඳහන් කර ඇත.

එමෙන්ම තමන් බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බවත්, හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද “Spare” හි සඳහන් කර ඇත.

මෙලෙස “Spare” හි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා පොත එළිදැක්වීමට පෙරාතුවම මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ඊට ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.

අදාල පොත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ලන්ඩන් නුවර බොහෝ පොත් සාප්පු මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබූ බව ද විදෙස් මාධ්‍ය වල සඳහන් විය.

මතක සටහන් කෘති රචකයෙකු වන ජේ. ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, “Spare” සඳහා “පෙන්ගුයින් රැන්ඩම් හවුස් “, ප්‍රකාශන ආයතනය කෘතිය මුද්‍රණයට කිරීමේ කාර්‍යයට එක්විය.

නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශන ආයතනය කියා සිටියේ ප්‍රබන්ධයක් නොවන පොතක් සඳහා වූ විශාලතම අලෙවිය ලෙස “Spare” වාර්තා පොතට එක් වූ බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...