හැරීගේ “Spare” කෘතියට වාර්තාගත අලෙවියක්

Share post:

හැරී කුමරුගේ මතක ඇතුලත් “Spare” කෘතිය එළිදැක්වූ පළමු දිනයේදී වාර්තාගත අයුරින් පිටපත් මිලියන 1.4කට වඩා අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෘතියෙහි අන්තර්ගතයන් හේතුවෙන් එය එළිදැක්වීමටත් දින ගණනාවකට පෙර ඊට ජාත්‍යන්තර අවධානය හිමිවිය.

ගාඩියන් පුවත්පත වාර්තා කළ අන්දමට කෘතිය එළිදැක්වීමට පෙර එහි පිටපතක් ගාඩියන් පුවත්පත දැක ඇත.

පසුව ගාඩියන් පුවත්පත එහි අන්තර්ගත සිද්ධි කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

ඒ අනුව හැරී කුමරුගේ බිරිඳ මෙගන් මාක්ල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර හැරීට සිය වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදී ඇත.

එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවද අදාල කෘතියෙහි සඳහන් කර ඇත.

එමෙන්ම තමන් බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බවත්, හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද “Spare” හි සඳහන් කර ඇත.

මෙලෙස “Spare” හි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා පොත එළිදැක්වීමට පෙරාතුවම මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ඊට ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.

අදාල පොත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ලන්ඩන් නුවර බොහෝ පොත් සාප්පු මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබූ බව ද විදෙස් මාධ්‍ය වල සඳහන් විය.

මතක සටහන් කෘති රචකයෙකු වන ජේ. ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, “Spare” සඳහා “පෙන්ගුයින් රැන්ඩම් හවුස් “, ප්‍රකාශන ආයතනය කෘතිය මුද්‍රණයට කිරීමේ කාර්‍යයට එක්විය.

නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශන ආයතනය කියා සිටියේ ප්‍රබන්ධයක් නොවන පොතක් සඳහා වූ විශාලතම අලෙවිය ලෙස “Spare” වාර්තා පොතට එක් වූ බවයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...